Chitika Smowtion 468x60


Saturday, January 7, 2012

සජිත්ගේ යෝජනා කුනු බාල්දියට


එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (05) පැවති එම පක්‍ෂයේ උපදේශක කමිටුවට ඉදිරිපත් කළ යෝජනා මුලූමණින්ම ප‍්‍රතික්‍ෂෙප වී තිබේ.
එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධානයක් වෙනුවෙන් පෙනී සිටි ක‍්‍රියාකාරිකයින් විසින් සකසා සම්මත කරනු ලැබූ නව ව්‍යවස්ථාව අනුව, පක්‍ෂ නායක, නියෝජ්‍ය නායක, උපනායක, සභාපති, ජාතික සංවිධායක සහ මහලේකම් උපදේශක කමිටුව නියෝජනය කරයි. පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට යටත්ව පක්‍ෂයට අදාල සියලූ තීන්දු තීරණ ගැනීමේ බලය හිමිවී ඇත්තේ උපදේශක මණ්ඩලයටය.

පසුගිය 19 වනදා පැවති නිලවරණයෙන් පසුව 2011 වසරේ පක්‍ෂයේ සියලූ තනතුරු මේ වනවිට අහෝසි වී ඇතැයි උපදේශක මණ්ඩලය ආරම්භයේදී ප‍්‍රකාශ කොට ඇති රනිල් වික‍්‍රමසිංහ මහතා, 2012 වසර සඳහා අලූතින් පුද්ගලයින් තෝරාපත්කර ගත යුතු බව සඳහන් කර තිබේ.

එහිදී විනය චෝදනාවලට ලක්වී සිටින හෝ පක්‍ෂයට එරෙහිව කටයුතු කරන කිසිවෙකු හෝ යළි පත්නොකළ යුතු බව අවධාරනය කර ඇති වික‍්‍රමසිංහ මහතා, විපක්‍ෂයේ නියෝජ්‍ය ප‍්‍රධාන සංවිධායක දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා ඉවත්කොට කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතීඥ අජිත් පෙරේරා පත්කළ යුතු බවට යෝජනා කර ඇත.

දයාසිරි මන්ත‍්‍රීවරයා පසුගිය දා පැවති නිලවරණය ¥ෂිත බවට කළ ප‍්‍රකාශය බරපතල බවත්, ඔහුට එරෙහිව වහාම විනය ක‍්‍රියාමාර්ගයක් ගතයුතු බවටත් වික‍්‍රමසිංහ මහතා කළ පැහැදිලි කිරීම පේ‍්‍රමදාස මහතා හැර උපදේශක මණ්ඩලයේ අන් සියලූ දෙනාම අනුමත කර තිබේ.

අඩුම තරමින් විනය පරීක්‍ෂණය අවසන් වනතෙක් හෝ එම තනතුර පුරප්පාඩුව තබන ලෙස පේ‍්‍රමදාස මහතා කළ යෝජනාව වික‍්‍රමසිංහ මහතා විසින් තරයේ ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

කොළඹ දිස්ත‍්‍රික්කය වෙනුවෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කළ ගේ‍්‍රරෝ මන්ත‍්‍රීවරයා වෙනුවට රවී කරුණානායක මහතා පත්කළ යුතු බවට රනිල් වික‍්‍රමසිංහ මහතා යෝජනා කර තිබේ. එහිදී සජිත් පේ‍්‍රමදාස මහතා යෝජනා කොට ඇත්තේ ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් කරූ ජයසූරිය මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලය පත්කරන ලෙසයි.

එය මුලූමණින්ම ප‍්‍රතික්‍ෂෙප කොට රනිල් වික‍්‍රමසිංහ මහතා, ජයසූරිය මහතාට අවශ්‍ය නම් වෙනත් අයගේ මාර්ගයෙන් ඉල්ලීම් නොකොට ඔහුම තමාවෙත ඉල්ලීමක් කළ හොත් ඒ ගැන සලකා බැලිය හැකි බව පවසා තිබේ.

අනතුරුව මංගල සමරවීර මහතාගේ දක්‍ෂතාවලින් වැඩගැනීම සඳහා ඔහුට නිෂ්චිත තනතුරක් ලබාදී කෘත්‍යාධිකාරී මණ්ඩලයට එක්කරගන්නා ලෙස පේ‍්‍රමදාස මහතා යෝජනා කර ඇත. එහිදී වික‍්‍රමසිංහ මහතා පවසා ඇත්තේ මංගල සමරවීර මහතා තනතුරුවලට අකමැති බවයි.

එම යෝජනාව පේ‍්‍රමදාස මහතා විසින් ඉදිරිපත් කරනු ලැබුවේ, ඔහුගේ අනුගාමිකයෙකුවන බුද්ධික පතිරන මහතා මාතර දිස්ත‍්‍රික් නියෝජිතයා ලෙස කෘත්‍යෘධිකාරී මණ්ඩලයට ගැනීම සඳහා බව උපදේශක කමිටු සාමාජිකයෙක් අප වෙත පැවසීය.

මේ අනුව ඊයේ උපදේශක මණ්ඩලයට සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ඉදිරිපත් කළ සියලූ යෝජනා යටපත් කළ රනිල් වික‍්‍රමසිංහ මහතා, මින් ඉදිරියේදී පක්‍ෂයේ විනය කඩකරන සියලූ දෙනාට එරෙහිව දැඩි විනය ක‍්‍රියාමාර්ග ගතයුතු බවට යෝජනා කර තිබේ.

එය ක‍්‍රියාවට නන්වමින්, සජිත් පේ‍්‍රමදාස මහතා විසින් හෙට (07) කැඳවා තිබූ මාතලේ එජාප පාළාත් පාලන නියෝජිතයින්ගේ රැුස්වීම රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අවලංගු කර ඇත.

කෙසේ වුවද පේ‍්‍රමදාස මහතා පෙරේදා මාධ්‍ය හරහා ප‍්‍රකාශ කර සිටියේ තමාගේ කණ්ඩායමේ කිසිවෙකුට මදිපුංචිකමක් වීමට ඉඩ නොතබන බවයි.

එහෙත් සජිත් පේ‍්‍රමදාස මහතා උපදේශක මන්ඩලය නියෝජනය කර තිබියදීම දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා ඔහු දැරූ තනතුරින් ඉවත් කිරීම සජිත් කණ්ඩායමේ දැඩිමතදාරීන්ගේ කෝපයට හේතුවී තිබේ.

ඒ අනුව සජිත් කණ්ඩායමේ දැඩිමතදාරීන් කිහිප දෙනෙකු ඊයේ රාත‍්‍රියේ රැුස්වී එජාපයේ වත්මන් තත්ත්වය පිලිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡුා කර තිබේ. සජිත් පේ‍්‍රමදාස මහතා තවදුරටත් නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කිරීම උචිත නොවන බවත් එය තමන්ගේ අරගලයට බාධාවක් බවත් ඔවුන් අතර සාකච්ඡා වී ඇත.

එම තත්ත්වය යටතේ කරූ ජයසූරිය මහතා සහ සජිත් පේ‍්‍රමදාස මහතා පෙරටුකොට ගෙන එක්සත් ජාතික පාක්‍ෂිකයින් වෙනුවෙන් සැබෑ එක්සත් ජාතික පක්‍ෂයක් ස්ථාපිත කළ යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.

වෙනම පක්‍ෂයක් ගොනැගීම පිළිබදව වූ සජිත් කණ්ඩායමේ දැඩිමතධාරීන්ගේ එම යෝජනාව මීට සතියකට පමණ පෙර සජිත් පේ‍්‍රමදාස මහතා සහ කරූ ජයසූරිය මහතාවෙතද ඉදිරිපත් වී තිබූ නමුත් ඔවුන් දෙදෙනාම එම යෝජනාව තරයේ ප‍්‍රතික්‍ෂේප කර තිබිණ. පක්‍ෂය තුල සිටම සටන ගෙන යෑමේ අවශ්‍යතාවය පේ‍්‍රමදාස මහතා මෙහිදී අවධාරනය කර තිබිණ.

එසේම සිරිකොත එජාප මූලස්ථානයට ගල්ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද පේ‍්‍රමදාස මහතා, තමන්ගේ අනුගාමිකයින්ට දැඩි ලෙස දෝෂාරෝපනය කර ඇති අතර, මින් ඉදිරියේදී තමාගේ අනුමැතියකින් තොරව කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස ශිරාල් ලක්තිලක සහ මෛත‍්‍රී ගුණරත්න යන මන්ත‍්‍රීවරුන්ටද දැඩි ලෙස අවවාද කර තිබේ.

කෙසේ වුවද, සිය බිරිඳගේ උපන්දිනය සැමරීම සඳහා විදේශගතව සිටින කරූජයසූරිය මහතා අද යළි දිවයිනට පැමිණීමට නියමිත බවත්, ඔහු පැමිණි වහාම වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පුලූල් සාකච්ඡාවක් සිදු කොට ඉදිරි ක‍්‍රියාමාර්ග පිලිබද තීන්දු තීරණ ගන්නා බව සජිත් කණ්ඩායමේ ක‍්‍රියාකාරිකයෙකු අප කළ විමසීමකදී පැවසීය.

කෙසේ වුවද එජාප නායකයාගෙන් ඉල්ලීමක් කර කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්වීමට ජයසූරිය මහතාගේ බලාපොරොත්තුවක් නැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජනවාරි 07 වෙනි සෙනසුරාදා, 02:46


Source : lankanewsweb.com

Share this article with your friends