Chitika Smowtion 468x60


Saturday, January 7, 2012

මර්වින්ට විරුද්ධව කැළණියෙන්ම කැරැල්ලක්


කැලණියේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් කැලණියේ මර්වින් සිල්වාට එරෙහිව කැරැල්ලක් ආරම්භකොට ඇත.මෙයට හේතු වී ඇත්තේ මර්වින් සිල්වා විසින් අදාළ මන්ත්‍රීවරුන්ට "ගුබ්බැයම් කරුවන්" යනුවෙන් ආමන්ත්‍රණය කිරීමයි.

මේ හේතුවෙන් කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවිර ඇතුළු පිරිස සුදානම් වන්නේ මර්වින්ගේ දුෂණ හෙලිකිරිමටය.මර්වින් සිල්වා සුදානම් වන්නේ ප්‍රසන්න රණවීරගේ දුෂණ හෙලිකිරිමටය.

ජනතාව 
තරඟයට දැනුවත් කිරීම සඳහා මාධ්‍යය සංදර්ශන දෙකක් ඊයේ දිනයේ දෙපාර්ශවය විසින්ම සංවිධානයකොට තිබුනා.

ප්‍රසන්න රණවීර ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු නගන චෝදනා 
"ලංකාවේ කොයි පලාතෙවත් කැසිනෝ ජැක්පොට් තිබුනේ නැහැ.ඇමතිවරයා ආවට පස්සේ එයාගේ ලේකම්ගේ කඩේ ජැක්පොට්,කැසිනෝ දැම්ම.කැලණිය ගියන්නේ බෞද්ධ පුරවරයක්.


කැලණියට සියලුම දුරාචාර වැඩ ගෙනාවේ මේ ඇමතිවරයායි.අපි කල මෝඩකම තමයි එදා සමෘධි නිලධාරියෙක් ගස් බැඳ වෙලාවේ අපි ඇමතිතුමාව බේරගත්ත එක.අපි ඒ සමෘධිනිලධාරියාගෙන් සමාව ඉල්ලනවා."

මර්වින් සිල්වාගේ පිළිතුර 
"ඔයගොල්ලෝ හෙට වීඩියෝ ටීම් එකක් ගිහින් බලන්න සභාපතිගේ එදා තිබුන ගෙදරයි අද තිබුන ගෙදරයි තත්වේ පර්චස් 153 ක ඉඩමක් ගොඩකරලා තියනවා.ඇයි මම ඇස දෙක පියාගෙන හිටියේ එතුමාටත් ගෙදරක් හදාගන්න ඉඩ දෙන්න ඕන නිසා"

ඉහතින් අප උපුටා දක්වන ලද්දේ දෙපාර්ෂව විසින් නගන එක් චෝදනාවක් පමණි."පිබිදෙන කැලණිය " නම් ව්‍යාපෘතිය යටතේ අමාත්‍යවරයා විසින් 
කැලණිය පුරා එකතු කල ලක්ෂ සිය ගණන් මුදල් අද වනවිට අතුරුදහන් වී තිබේ.

අද එම ගිණුමේ ශේෂය රුපියල් දෙලක්ෂ හැට හත්දහසට බැස ඇත. කැලණියේ ව්‍යාපාරිකයන්ගෙන් හා විවිධ පාර්ශව බියගන්වා මුදල් එකතුකලේ මර්වින් සිල්වා තනියෙන් නොවේ.ඔහුගේ සහයට හිටියේ අද ඔහුට විරුද්ධව කෑ ගසන ප්‍රාදේශීය සභා මන්ත්රිවරුන්ය.

කැලණියේ සිදුකරන සෑම වංචා දුෂණයකටත් ඇමතිවරයාගේ අශිෂ්ඨ පහත් ක්‍රියාකලාපයන්ට "හෝයියා" කීවෙත් එම මන්ත්රිවරුන්ය.

සමෘධි නිලධාරියා ගස් බැඳ අවස්ථාවේ මර්වින් සිල්වා වෙනුවෙන් පාරට බැස උද්ඝෝසණ සිදුකරෙත් මර්වින් තාවකාලිකව අමාත්‍යය ධුරයෙන් ඉවත් කල විට මර්වින්ට මල් මාලා දමා ඔහු වෙනුවෙන් සත්‍යග්‍රහ පවතුයේද ඉහත මන්ත්රිවරුන්ය.
කැලණිය බෞද්ධ පුරවරයක් බව ඔවුන්ට මතක් වන්නේ මර්වින් ඔවුන්ට "ගුබ්බැයම් කරුවන්" කියූ විටය.


එහෙයින් මර්වින් හා මන්ත්‍රී පාර්ශවය සිදු කරන්නේ හවුල්වී එකිනෙකාගේ රෙදි ගලවා ගැනීමකි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගු පැනයක් හමුවේ මන්ත්‍රීවරුන් කියා සිටියේ ඇමතිවරයාට උදව්කරන කාලයේ ඔවුන්ගේ කොන්ද පණ නොතිබූ බවයි. 


You might also like:


Read more: http://www.gossip9.com/2012/01/blog-post_2160.html#ixzz1iiLBtrMe

Share this article with your friends