Chitika Smowtion 468x60


Saturday, January 7, 2012

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරුටත් ඉහළින් නියෝග


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායක ටී.එම්. ඩිල්ෂාන්, ක‍්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරුවන ජෙෆ් මාෂ් ගේ උපදෙස් නොතකා, ඔහුගේ කළමණාකරුවන රොෂාන් අබේසිංහ මහතාගේ උපදෙස් ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් ජාතික ක‍්‍රිකට් කණ්ඩායම තුල තවත් අර්බුදයක් හටගෙන ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ශ‍්‍රී ලංකා - දකුනු අප‍්‍රිකා තෙවන ටෙස්ට් තරගය ආරම්භ කිරීමට පෙර එම තනතීරූව හොදින් පරීක්‍ෂා කළ ජෙෆ් මාෂ් කාසියේ වාසිය දිනුව හොත් පන්දුවට පහරදීම බාරගන්නා ලෙස ඩිල්ෂාන්ට උපදෙස් දී තිබේ. ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් වන මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාරද එම තීරණය අනුමත කර තිබේ.

එහෙත් කොළඹ සිට දුරකථනයෙන් ඩිල්ෂාන්ට ඇමතුමක් ලබාදී ඇති රොෂාන් අබේසිංහ මහතා කාසියේ වාසිය දිනුවහොත් පන්දු රැකීම බාරගන්නා ලෙස දැනුම්දී ඇත.

ඒ අනුව කාසියේ වාසිය දිනූ ඩිල්ෂාන් ක‍්‍රිකට් පුහුණුකරුගේ ඉල්ලීම නොසලකා, තම කළමණාකරුගේ ඉල්ලීම මත පන්දු රැකීමට තීරණය කර ඇත. මෙම තීරණය පුහුණුකරු මෙන්ම ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයින්ගේද නොසතුටට හේතුවී තිබේ.

ටී.එම්. ඩිල්ෂාන්ට අමතරව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල නියෝජනය කරන නිත්‍ය ක‍්‍රීඩකයින් කිහිප දෙනෙකුගේම කළමණාකරුවන්නේ රොෂාන් අබේසිංහ මහතාය.

තවද ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීමට කණ්ඩායමේ කළමණාකාර අනුර තෙන්නකෝන් මහතාගේ ක‍්‍රියාකළාපයද බලපා තිබේ. බොහෝ දිනවල තරග නැරඹීමට පවා නොඑන තෙන්නකෝන් මහතා, පසුගිය දා පැවති ඉන්දීය - ඔස්ටේ‍්‍රලියා ක‍්‍රිකට් තරගය මැදියම් රැයවන තෙක් රූපවාහිනිය තුලින් නරඹා පසුදින දවස පුරා නිදාගෙන තිබේ.

මෙවැනි තත්ත්වයන් හමුවේ හදිසි තීරණ ගැනීමට අවශ්‍ය අවස්ථාවන් හිදී කණ්ඩායමේ ක‍්‍රීඩකයින් බලවත් අසීරුතාවයන්ට පත්වී ඇතැයිද වාර්තා වේ.

අවසන් යාවත්කාලීන කිරීම 2012 ජනවාරි 07 වෙනි සෙනසුරාදා, 02:44


Source : lankanewsweb.com

Share this article with your friends