Chitika Smowtion 468x60


Saturday, January 7, 2012

සී ප්ලේන් නිසා ශ්‍රී මහා බෝධිය අනතුරේද?


සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා හා වෙනත් ප්‍රතිලාභ අපේක්ෂාවෙන් මෙරට සී ප්ලේන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කොට ඇති අතර මේ වනවිට ගමනාන්ත 15 ක් දක්වා එය ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව ඉදිරියේදී අනුරාධපුර තිසා වැවටත් නුවර වැවටත් සී ප්ලේන් ගොඩ බෑමට සැලසුම් සකස්කොට ඇත.

මේ සඳහා ගොවි සංගම් හා වෙනත් සංවිධාන දැනටමත් විරුද්ධ වී ඇත්තේ එමගින් ශ්‍රී මගා බෝධිය අනතුරක් විය හැකි බව පවසමිනි.

ඒ අනුව ගොවි සංගම් විසින් ප්‍රකාශ කරන්නේ මෙම සී ප්ලේන් ගොදබාමේදී ඇතිවන ශබ්ද තරංග පාවී ගොස් ශ්‍රී මහා බෝධියේ ගැටීමෙන් හානියක් සිදුවිය හැකි බවයි.

මේ පිළිබඳව තවමත් නිශ්චිතව පරීක්ෂණ සිදු කර නැතත් එවැනි අවධානමක් අත්විය හැකි බව පෙන්වා දෙති. 

නමුත් මෙයට පිළිතුරු ලෙස ජලතර ගුවන්යානයක් ජලාශයකට ගොඩබැස්සවීම තුළින් ජලාශයට සිදුවන්නේ අවම හානියක් බවත් ජලාශය මතුපිට පියාසර කිරීම හේතුවෙන් සිදුවන බලපෑම බෝට්ටුවක් ජලාශයක ගමන් කිරීම මෙන් සියයට පහක පමණ අගයක් බවත් ගුවන්යානා ව්‍යාපෘති කළමනාකර පුලස්ති ජයසිංහමහතා ප්‍රකාශකොට ඇත.

Read more: http://www.gossip9.com/2012/01/blog-post_7002.html#ixzz1iiG4Ig4D

Share this article with your friends