Chitika Smowtion 468x60


Saturday, January 7, 2012

ලක්ෂමන් සෙනවිරත්න අමාත්‍යාංශ ලේකම් එළවයි


තමාගේ අයතා ගනුදෙනුවලට අනුමැතිය නොදීම හේතුවෙන්, ඵලදායිතා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එම්. බන්දුසේන මහතා නෙරපා හැරීමට එම අමාත්‍යාංශයේ විෂය බාර ඇමති ලක්ෂ්මන් සෙනවිරත්න මහතා කටයුතු කර තිබේ.
ලක්ෂ්මන් සෙනවිරත්න ඇමතිවරයාගේ බලවත් ඉල්ලීම මත බන්දුසේන මහතා එම අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට නියෝග කොට ඇති ජනාධිපතිවරයා, ඒ වෙනුවට ලලිත් කන්නන්ගර මහතා එම අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් කර ඇත.

අමාත්‍යවරයාට, අමාත්‍යවරයාගේ නිල නිවසට හා අමාත්‍ය කාර්යමණඩලයට අවශ්‍ය භාණ්ඩ හා සේවාවන් රාජකාරී නීති රෙගුලාසි යටතේ ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් නොකොට, ඒවා අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් අජිත් පතිරණ විසින් මිලදී ගෙන වැඩි මිලගණන්වලින් යුතු බිල්පත් ලබා දීම පසුගිය වසර පුරාම ඇමතිවරයා විසින් සිදු කර ඇති අක්‍රමිකතාවයකි.
ඒ අනුව අමාත්‍යවරයාගේ රාජකාරී අවශ්‍යතාවයයැයි පවසා ක්ෂණික මිලදී ගැනීම් රාශියක් සිදු කර ඇති අතර ඒවා බොහෝ විට රජයේ නිවාඩු දිනවල සිදුකර තිබීම විශේෂත්වයකි. නිවාඩු දිනවලදී නිලධාරීන් ලවා මිලදී ගැනීම් කළ නොහැකි වුවත් රාජකාරී කෙසේ හෝ ඉෂ්ඨ කළ යුතුවීමේ පදනම මත පෞද්ගලික ලේකම්වරයා විසින් මෙම මිලදී ගැනීම් සිදුකර ඉදිරිපත් කරනු ලැබූ බිල්පත්වලට ගෙවීම් ලබා ගැනීම දිගින් දිගටම සිදු කර තිබේ.
එසේම ඇමතිවරයාගේ නිල නිවස අලූත් වැඩියාවද පෞද්ගලික ලේකම්වරයා විසින් සිදු කර ඇති අතර දිනපතාම යම් යම් අලූත් වැඩියාවන් සඳහා දිනකට රුපියල් දහස් ගණනින් වියදම් කර තිබේ. දිනපතාම එවැනින වියදම් දරමින් මාස එකහාමාරක කාලයක් පුරා මේ අන්දමින් නිල නිවස අලූත් වැඩියා කිරීම අමාත්‍යාංශ නිලධාරීන්ගේ සැකයට හේතු වී තිබේ.
අමාත්‍ය පෞද්ගලික ලේකම්වරයාගේ මෙම නීතිවිරෝධී ක්‍රියාමාර්ගයන්ට සහය පල කරමින් තම පැවැත්ම තහවුරු කර ගනු ලැබූ රාජ්‍ය නිලධාරීන් කිපදෙනක් සිටින අතර අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධීකාරී ලාල් පෙරේරා මහතා සහ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා තිලකා මහත්මිය ඔවුන් අතර ප්‍රධානවේ. පසුගිය කාලය පුරාම අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳව අභ්‍යන්තර හා නිල නොවන තොරතුරු අමාත්‍යවරයා විසින් ලබාගෙන ඇත්තේ ප්‍රධාන ගණකාධිකාරී ලාල් පෙරේරා මහතාගෙන්වන අතර එම කටයුතු පෞද්ගලික ලේම් අජිත් පතිරණන මහතා විසින් සම්බන්ධීකරණය කර ඇත.
ඇමතිවරයා ඔවුගේ පෞද්ගලික ලේකම්වරයා හරහා සිදු කරනු ලැබූ දූෂිත ගනුදෙනුවලට අමාත්‍යාංශ ලේකම් බන්දුසේන මහතා දිගින් දිගටම විරෝධය පළකර ඇති අතර එහි දී ඔහුට නාදුනන පිරිස්වලින් මරණීය තර්ජන පවා එල්ල වී ඇත.



Source : lankanewsweb.com

Share this article with your friends