ඒත් දරුවෝ කිසිම දවසක බිල්ලන් ද දැක නැත. කිසි දිනෙක නොදැක්ක බිල්ලෙකු ගැන කියා දෙමව්පියෝ රිසිසේ දරුවන්ව නලවා ගත්තෝය.
ලාංකීය දේශපාලන පිටියට ද බිල්ලා යනු හොද මෙවලමකි ග. මාරුවෙන් මාරුවට බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම ලංකාවේ ජනයාට කලින් කලට බිල්ලන් පෙන්නා ඇත්තේය. ලංකාවේ ජනයා ද බිල්ලාට බයේ නිහඬ වෙන ළමයින් වගේම නිහඬ වෙති. වර්තමාන ආණ්ඩුව ද ල , ජාතියේ ආඩම්බරකාර තාත්තා ද මේ වන විට බිල්ලා තියරිය රිසි සේ පාවිච්චි කරමින් සිටී. ලංකාවේ ළදරු ජනයා ද ජාතියේ ආඩම්බරකාර තාත්තා පෙන්නන බිල්ලන්ට බයේ මුළු ගැන්වෙන්නේය. ඉතින් ඒනිසාම පාලකයන්ට බිල්ලා තියරිය මරුය ල මසුරන් ය.
දැන් ආඩම්බරකාර තාත්තයි එයාගේ ආණ්ඩුවේ මන්ත්‍රී මල්ලිලායි ඒ කියන්නේ මන්ත්‍රී බාප්පලායි ජනතාවට එක එක බිල්ලෝ පෙන්වති. ආඩම්බරකාර තාත්තා චැනල් ෆෝ සහ යුධ අධිකරණ බිල්ලා පෙන්නනකොට එක් බාප්පෙක් අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණ බිල්ලෙක් පෙන්වති. ගමේ බාප්පා නින්දෙන් ගොරවන්නෙත් ගර් බටහිරගගග ග්‍රර් බටහිර කියමින්ය. ඒ බාප්පා බටහිර බිල්ලා පෙන්වන කොට තවත් බාප්පෙක් මුස්ලිම් බිල්ලෙක් පෙන්වති. ඒ බාප්පාට ද එහෙමය ආශ්වාස ප්රාශ්වාස කරන්නෙත් මුස්ලිම් ල මුස්ලිම් කියමිනි.
වැඩේ තියෙන්නේ එක එක බාප්පලාගේ බිල්ලෝ එක එක විදියේය. ඒ ඒ බාප්පාට පැවරී ඇති වැඩේට අනුව බිල්ලා ද වෙනස් වන්නේය. ඒ වගේම බාප්පලාගේ පැවැත්ම තියෙන දේශපාලන ගුන්ඩුවට අනුව ද බිල්ලා වෙනස් වෙයි. දැන් ලංකාවේ ළදරු ජනයා ඉන්නේ ද පිස්සු හැදිලාය සේ ය. ඒ තරමට මේ අය බිල්ලෝ පෙන්නති.
මේ වෙනකොට බාප්පලා ටික ආඩම්බරකාර තාත්තත් එක්ක තවත් බිල්ලෝ නාට්යපක් පෙන් වන්නට ලෑස්ති වෙමින් සිටිති. සිද්ද වෙන හැම හොඳ දේකම තනි උරුමක්කරු තමන් වන්නාසේම මේ නාට්‍යයේ පිටපත් රචනය, දෙබස්ල අධ්‍යක්ෂණය එකී මෙකී නොකී සියල්ල ආඩම්බරකාර තාත්තාගෙනි. මේ අළුත්මතාලේ නාට්‍යයේ නම 13+
අවශ්‍ය නළු නිළියන් හැඩ ගන්වා
ලයිට් ඔන්කර
ස්ටෑන්ඩ් බ්යි
කැමරා රෙඩි ඇක්ෂන් කියාගෙන ලයිට් ද පෙරලා ගෙන ආඩම්බර කාර තාත්තා කැමරාව ඉස්සරහට දුවගෙන ඇවිත් 13 කියන කොටම මල්ලිලා...බෙදුම්වාදී බිල්ලා...කියා බිම පෙරළී පෙරළී හොටු පෙර පෙර කෑ ගසන්නේය. විලාප තබන්නේය. එතකොටම ජනතාවද ..බුදු අම්මෝ එපෝයි.. කියමින් මරහඬ තබ්න්නේය මේ වෙනකොට ආඩම්බරකාර තාත්තා කැමරාව පිටිපස්සට ගිහින් තමන් 13 කියද්දී තිබුණ සමීප රූපය මල්ලිලා කෑගහද්දී මධ්‍යම රූපයක් කොට ජනතාව කෑගසන එක දුර රූපයක් කරන්නේය.ඒ උනාට කවදාවත් මේ තාත්තවත්ල බාප්පලාවත් බිල්ලාගේ ඇත්ත කතාව ජනතාවට කියන්නේ නැත. කතාවට අනුව මුලින්ම අයියාට මල්ලිලා විරුද්ධ වන්නේය. ඊට පසු මේ මල්ලිලා ජනතාවත් එක්ක මහපාරට බැස ලොකු අයියාගේ 13 බිල්ලාට විරුද්ධ වන්නෝය. ආඩම්බරකාර තාත්තාටද බනින්නෝය. ජනතාවටද මරුය.
විරුද්ධවාදීන් එක එක කථා කීවාට ආණ්ඩුව ප්රජාන්ත්රවාදීව, විරුද්ධමත දැරීමට ද පුළුවන්ය. අයිතීන් ඉල්ලා සටන් කරන්නට ද ල පාරට බසින්නට ද පුළුවන. දැන් ජනතාව 13 බිල්ලා එපා කියමින් බාප්පලා ද පෙරටු කොට ගෙන සිව් මහා නදී ගලා බසිනා ආකාරයට සිව් දිශාවන් ගෙන් කොළඹට එන්නෝය.
ඒකට අවශ්‍යව පහසුකම් මේ ආඩ්ම්බර තාත්තාම දෙන්නේය. ලංගම බස් ටික එක බාප්පෙක් දෙති. ආරක්ෂාවත් තාත්තාගෙනි. කෑමද බීමද කුඩු මුදලාලිලාගෙනි. ජනතාවට තියෙන්නේ කන්ඩ දෙනවා නම් බොන්ඩ දෙනවා නම්, එන්ඩ බස් දෙනවා නම්, බිල්ලා එපා කියමින් ටික දුරක් බාප්පලා එක්ක ඇවිදීමට ය. ඒක ඉතිං බාප්පලාට නම් ව්‍යායාමෙටත් එක්ක මරුය. ඔන්න දැන් ආපහු ආඩම්බරකාර තාත්තා හෙමින් හෙමින් කැමරාව ඉදිරියට එන්නේය. දැන් කැමරාවෙන් පටිගත වෙන්නේ ලඟ රූපයන්ය මුහුණ විශාල වීය. දැන් මේ තාත්තාගේ මුහුණ විඩාබර ගතියක් දිස්වන්නේය. හරියට දහයට අරන් සීයට දීලා වගේය. දැන් මේ දුෂ්ඨ තාත්තා බයවී ඇත්තේය. ඔහුට ජනතා ළමයින්ගේ කීම නොසලකා හැරීමටද බැරිය මොකද ඔහු ජනතා ළමයින්ගේ ආඩම්බරකාර තාත්තාය, ජනතාවාදී නායකයාය.
ඉතා දුක් මුසු මුහුණින් ආඩම්බර කාර තාත්තා කතා කරන්නේය. තාවකාලිකව 13 බිල්ලා අකුලා ගන්නා බව කියන්නේය. ඒ වෙනුවට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන බව කියන්නේය. ඒ කමිටුවට අනුව සර්ව සාධාරණ සැමට එකඟ විය හැකි විසඳුමක් දෙන බව කියන්නේය. ඒ උනාට මීට ඉස්සර සමහර දේවල් අකුලා ගන්නා විට කියනවා වගේ නැවත ඉදිරිපත් කරන දිනයක් නම් කියන්නේ නැත. බාප්පලා කෑ මොර තබන්නෝය. ජනතාව ද බිල්ලා නැති නිසා පස්වනක් ප්‍රීති ප්‍රමෝදයෙන් ජය ඝෝෂා නගන්නෝය. දැන් බාප්පලා ජනතාවට කියන්නේ අපේ ආඩම්බරකාර තාත්තා හරිම හොද බවය. අපි මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න පූරුවේ පිං කරලා තියෙන්න ඕනි කියලාය. ඉතිං අර බිල්ලාට බය වෙච්ච ජනතා ළමයින් ද බිල්ලා නැති කරපු එකට ආඩම්බර කාර තාත්තාට ලව් කරන්නෝය. අනේ අපි මොනතරම් වාසනාවන්තයෝද කියාගන්නෝය.
දැන් තාත්තා ජනතා ළමයි දෙසට හැරී මෙසේ කියන්නේය ල, මම ජනතාවාදී නායකයෙකි. ජනතාව යමක් එපා කියූ විට එය කරන්නට මට බැරිය, ජනතාව යමක් කොරන්නය කියූ විට නො කර සිටීමට ද බැරි ය. මෙතෙක් කලක් මම කොරල තියෙන්නේ ජනතාව කොරන්න කියපුවාය, මෙතෙක් කලක් මම නොකොර තියෙන්නේ ජනතාව නොකරන්නැයි කියපුවා ය, දැන් ඉතිං ආඩම්බර කාර තාත්තාටත් චූන් ය. ජනතා ළමයිටත් ගොඩක් චූන් ය. දැන් මේ තාත්තා උතුරට හැරී මෙසේ කියන්නේය. අපි මේ ප්‍රශ්ණය විසඳන්නට එකතු විය යුතුයි. මේක ඔබගෙත් මගෙත් ප්‍රශ්ණය. අපේ අනාගත පරපුරේ ප්‍රශ්ණයක්ය. මමම මේක විසඳන්නට ගොඩක් උත්සාහ කරනව. ඔය ගොල්ලොත් අපිට එකතු වෙන්න දැන් බලන්න කරුණා ඇමතිතුමා , දේවානන්ද ඇමතිතුමා අපි ඔක්කොම සහෝදරයො වගෙ ඉන්නේ. මට ඕනි කොහොම හරි මේ රට ගොඩනගන්ඩ. ඔයාලත් අපිත් එක්ක එකතු උනොත් ගොඩම තමා. ඔය පහුගිය කාලේ සිද්ධි අමතක කරලා දාන්නල විශේෂයෙන් ඔය චැනල් ෆෝ එකේ කට්ටිය අපේ ආමි එකෙන් අපරාධ කොරනව වගෙ පෙන්නන්න බොරු වීඩියෝ එකක් හදලලු. ඔයාල ඒ බොරු වලට අහුවෙන්න එපා. යුද්දේ කොරන කොට ඔය සුළු සුළු සිද්ධි ඇති වෙන්ඩ ඇති මම නැතෙයි කියන්නේ නෑ. එව්ව හොයල බලල තමයි ඒ කාලේ යුද්ධෙ මෙහෙයවපු කෙනාට මමයි දඩුවම් දුන්නේ ග බොරු නම් බලන්ඩ එයා තවමත් හිරේ .
ඊට පස්සෙ තාත්තා ඔලුව කසමින් හැරෙන්නේ ඉන්දියාව දිහාටයි ගමම සර්වපාර්ෂික සමුළුවක් කැඳවලා ඒකෙ ප්‍රගතිය කියන්නම් කියා හෙමින් හෙමින් කැමරාවෙන් ඉවත් වෙනවාත් සමගම ප්‍රශස්ථි ගී ගැයීමට පොරකන ජනතාවාදී කලාකරුවෝ තරගයට ගී ගයමින් ඉදිරියට පැමිණේ.
ආඩම්බරකාර තාත්තගේ, බාප්පලාගෙයි ඔන්න බබෝ බිල්ලා නාට්‍යය එසේය. මේ කතාවේ අඩු පාඩු හදන්න කාටවත්ම බැරිය. විවේචන කාරයොත් ආඩම්බරකාර තාත්තගේ සාක්කුවේය. බාප්පලා ගැන කියලා වැඩක් නැත ග ඔක්කොමලා ඉන්නේ තාත්තාගේ සාටකේ නූල් පොටවල් වල යන්තමින් එල්ලී ගෙනය එක බාප්පෙක්වත් හුම් කියන්නේත්, ප්‍රශ්ණ කරන්නේත් නැත. අනේ අපේ අමාත්‍ය මණ්ඩලේ වැඩිම කොටසක් පාලනය කරන්නේ ආඩම්බරකාරයාගේ පවුල් සමාගමෙන් නොවේ දැයි ප්‍රශ්ණ කරන්නේද නැත. ඉතිං අපිට බලය නොදෙන මේ ආඩම්බරකාරයා කවදාවත් දෙමළෙකුට බලයක් දෙයිද කියා මේ බාප්පලා සිතන්නේද නැත. බැරි වෙලාවත් එහෙම ඇහුවත් මේ සුවච කීකරු මල්ලිලාට දෙන්න උත්තරයක්ද ආඩම්බරකාරයා ළඟ ඇත. ඈ බොලව් ගොන් හරකුනේ මම උන්ට බලය දෙනවද බොලාටවත් බලයක් නොදෙනකොට. ඇඹිලිපිටියේ උන්නාන්සේටම මම ප්‍රදේශීය සභාවේ සභාපති බලය දුන්නෙම නොදී බැරිම තැනනේ. මොකෝ උන්නාන්සේ සිංහල නෙමෙයිද? මොකෝ උන්නාන්සෙ බෞද්ධ නෙමේද? ඉතින් එහෙම එකේ මම මේ දෙමළුන්ට බලය දෙයිද?මෙව්වා ඉතිං තේරුම් ගන්ට කූඹියෙකුගෙ තරම්වත් මොළයක් තිබිලා එපායැ කියා කියන ගමන් මුංට එහෙම මොළයක් නැති එකම මටත් හොඳායැයි සිතන්නේය.
ජනතා ළමයිද මේ ගැන ප්‍රශ්ණය කරන්නේ නැත. දෙන දේ කාලා, බීලා නිකම්ම බස් එකේ කොළඹත් ගිහිල්ලා එන්නේමැයි සිතන්නේය. ජනතා ළමයි එසේ ආඩම්බරකාර තාත්තාගෙන් ප්‍රශ්ණය අහන්නට සිතන්නේද නැත. ගමේ සමූපකාර ඡන්දේදී වත් අනිත් පක්ෂයේ එකාට බලය දෙන්නේ නැතිව, ඌව මරලා හරි තමන්ගේ පක්ෂයේ එකාට බලය දෙන්නේය. එහෙව් එකේ, මේ උතුරේ ඉන්න දෙමළුන්ට කොහෙත්ම ඕක ලියා නොදෙන බව ද දන්නේය. මේ බඩු ගණන් දවස්වල වේල් දෙක තුනක් කාලා නොමිලේම කොළඹ යන්න තියෙන එක නැති කරගන්නේ මොකට දැයි කියා සිතන්නේය.
ඉතිං ආඩම්බරකාර තාත්තා අමාත්‍ය මණ්ඩලේ ඇන්දුවාය කියා සිතන්නේය. අමාත්‍ය මණ්ඩලේ අය පාක්ෂිකයින් අන්දලා ලොක්කට තමන්ගෙ බලය පෙන්නුවාය කියා සිතන්නෝය. ජනතා ළමයින් වේල් දෙක තුනක් ෂේප් වෙලා නොමිලේම කොළඹත් ගිහින් ආවා යැයි සිතන්නෝය.
Source - lankanewsweb.com