රාජපක්ෂ පාලනය ඉතා තියුණු ලෙස විවේචනයට ලක් කළ ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් කිහිප දෙනා අතුරින් කුසල් පෙරේරා එක් අයෙකි. ඔහුගේ ලිපි නිරන්තරව, රාජපක්ෂලාගේ සිංහල බෞද්ධ දේශපාලනය අභියෝග කළ අතර, ඒ වෙනුවට ඔහු බලය ඛෙදීම වෙනුවෙන් තර්ක කළ මාධ්‍යවේදියෙකි. එනිසා රාජපක්ෂ පවුලේ විශේෂයෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය ගේ නොරිස්සුමට ඔහු ලක් ව සිටියේ යැයි කියනු ලැබේ.
සන්ඩේ ලීඩ පුවත් පත අභ්‍යන්තරයෙන් ලැඛෙන තොරතුරු අනුව, එහි කර්තෘ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස් ඉවත් කළ යුතු යැයි අසන්ග සෙනෙවිරත්න පැවසූ විට ගෝඨාභය ඇයව තබා ගැනීමට ඉදිරිපත් වූයේ ඇය, සුදු කොඩි නඩුවේ දී හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට අවාසි වන අයුරු සාක්ෂි ලබා දීම නිසා ය. ජෑන්ස් මහත්මිය කුසල් පෙරේරා ඉවත් කර ඇත්තේ ද එවැනි සහයෝගයකට ය. ඊළ`ගට තිසරණී ගුණසේකර හා වැන්ඩපූටන් වැනි ලේඛකයින් ද ගැලවීමට ඉඩ ඇතැයි කියනු ලැබේ.
අසංග ඵීසින් කර්තෘ මත වෙනස් නොකරන බවට ලබා දුන් පොරොන්දුව, නාමල් රාජපක්ෂ හා ගෝඨාභය විවේචනයට අදාල නැත. එය අදාල වන්නේ බැසිල් රාජපක්ෂ විවේචනය කිරීමට පමණකි. බැසිල් රාජපක්ෂ ද්‍රෝහියකු ලෙස සඳහන් කිරීමට ද දැන් සන්ඩේ ලීඩ පුවත් පතේ ඉඩ ඇත.
මේ සතියේ අරලියගහ මැදුර ගැන ක්‍රවුන් පි්‍රන්ස් යැයි ලියැවුනු කොලමත් දේශපාලන කොලමත් යන කුසල් පෙරේරා විසින් ලියනු ලැබූ ලිපි දෙකම කර්තෘවරිය ගේ අවසාන අනුමතියට හා මුද්‍රණයට යාමට පෙර සිකුරාදා රාතී්‍ර අවසාන මොහොතේ ගැලවුනු බව සන්ඩේ ලීඩ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
Source - lankanewsweb.com