Chitika Smowtion 468x60


Tuesday, February 21, 2012

උදය ශ්‍රී සෙන්ටිග්‍රේඩ්ස් වෙතින් ඉවත් වූයේ ඇයි?


පසුගියදා යුග දිවියට එළඹුන උදය ශ්‍රී සෙන්ටිග්‍රේඩ්ස් වෙතින් ඉවත්වීමට යන කරුණ පසුගිය කාලයේ සංගීත ලෝකයේ ආන්දෝලනයට ලක්වූ මාතෘකාවක් වුවා.මේ පිලිබඳ ඇත්ත දැනගැනීමට අප සෙන්ටිග්‍රේඩ්ස් කණ්ඩායමේ උදය ශ්‍රී වික්‍රමසිංහ දුරකතනයෙන් සම්බන්ධ කරගත්තා.

එහිදී අප වෙත අදහස් දක්වා සිටි උදය කිවේ තමා නිල වශයෙන් සෙන්ටිග්‍රේඩ්ස් කණ්ඩායමෙන් ඉවත්වූ බවයි.පසුගිය කාලයේ තමා සිදු කල ගීත කිහිපයක් ඉදිරියේදී නිකුත් වීමට නියමිත බවත් ඉන්පසුව තනිව ගීත එලි දැක්වීම නොකරන බව ඔහු අප වෙත දන්වා සිටියා.


තමා ගායකයෙකු ලෙස සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායාමේ සිටියේ තම ආත්මතෘප්තිය හා විනෝදාංශයක් ලෙසත් බවත් තනිව ගායනා කිරීමට තමාගේ අදහසක් නොමැති බවත් අපවෙත දන්වා සිටියා.

ඉදිරියේදී සිය ශබ්ධාගාරයේ නිෂ්පාදන කටයුතු සිදුකරමින් සිටීමට අදහස් කරන බව උදය අප වෙත පැවසුවා.

ඉවත්වීමට හේතුව විමසීමේදී ඔහු අප වෙත කියා සිටියේ මෙහි ගැටලුව ඇතිවුයේ මෙයට වසර තුනකට පෙර බවයි.


ඒ අනුව ඔහු කණ්ඩායමේ සාමාජිකයන් කැඳවා සාකච්චාවක් පවත්වා කණ්ඩායමක් ලෙස ඉදිරියට යාමේදී ඇතිව තිබෙන යම් යම් ගැටලුකාරී තත්වයත් ඉදිරියේදී ඒවා නිවැරදි විය යුතු බවත් දන්වා තිබෙනවා.

නමුත් කණ්ඩායමේ අනිත් සාමාජිකයන් වසර තුනක් යන තෙක් ඒවාට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැහැ.

ඒ අනුව මින් වසර දෙකකට පෙර උදය කණ්ඩායමෙන් ඉවත්වීමට සුදානම් වුවත් ඔහුව වලකා ඇත්තේ එවකට ඔහුගේ පෙම්වතිය වන වින්ධ්‍යා හා ඔහුගේ පවුලේ උදවියයි.


(උදය ශ්‍රී වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි ලිපියට අදහස් දැක්වීම අත්හිටුවා ඇත)







Source: http://www.gossip9.com/2012/02/blog-post_21.html#ixzz1n1E53soR

Share this article with your friends