Chitika Smowtion 468x60


Tuesday, February 21, 2012

සුන්දර පාරාදීසියක අතිනත ගත් ඔල්ගා හා ව්ලැද්මීර්


ඔල්ගා ග්‍රෝබචෙවා සහ ව්ලැද්මීර් ඇලෙක්සැන්ඩ්‍රෝරිච් ලුෂාකොව්ස්කි නමැති රුසියානු ජාතික යුවළ පසුගිය 11 වැනි දා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සමග ලංකාවට පැමිණ ඇත්තේ සුන්දර පාරාදිසියක ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වීමේ අදහසිනි.

ඔවුන්ගේ එම අදහස යතාර්ථයක් බවට පත් කරමින් නැඟෙනහිර පාසිකුඩා සංචාරක කලාපයේ “මාළු මාළු” රිසෝට් සහ ස්පා හෝටලයේ එම විවාහ උත්සවය සංවිධාන කළ අතර එය රුසියානු, සිංහල සහ හින්දු චාරිත්‍ර වාරිත්‍ර මිශ්‍ර විවාහයක් ලෙස පැවැත්විණි.

මෙම අවස්ථාවට හෝටලයේ අමුත්තන්, කාර්යය මණ්ඩලය සහ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ද සහභාගී වූ අතර සාම්ප්‍රදායික සිංහල සහ රුසියානු චාරිත්‍රවලට අනුව උදෑසන විවාහය පැවැත්වුණු අතර සන්ධ්‍යා කාලයේ දී විවාහ උත්සවය හින්දු චාරිත්‍රවලට අනුව සිදු කෙරිණි. 


එම උත්සවයේ ජායාරුප පහතින් බලන්න 
















Source: http://www.gossip9.com/2012/02/blog-post_1192.html#ixzz1n1Pr1W6d

Share this article with your friends