Chitika Smowtion 468x60


Tuesday, February 21, 2012

ජනතාවට එපාවුණ දවසට මම යනවා - ජනාධිපති


පසුගිය කාලයේ රටම උණුසම් වීමට බලපෑ කාරණය වුයේ ඛනිජ තෙල් මිල ඉහල යාමයි.විශේෂයෙන්ම මෙම තෙල් මිල ඉහල දැමීම කැබිනට් මණ්ඩල අනුමැතියකින් තොරව හදිසියේ සිදු වුවක් නිසා ඉන් උදාවූ ප්‍රතිපල වල වගකීමක් ගැනීමට කිසිදු අමාත්‍යවරයෙකු ඉදිරිපත් නොවීමත් මෙහිදී දැකිය හැකි විශේෂ කාරණයක් වුවා.

ඒ වනවිට ජනාධිපතිවරයා සිංගප්පුරුවේ සංචාරයකට ගොස් සිටි නිසා දිගින් දිගටම ඇමතුම් දෙමින් ලංකාවේ තත්වය පිලිබඳ සොයා බැලීමට අමතක කලේ නැහැ.එහිදී අමාත්‍යවරුන් කිවේ තත්වය බරපතල බැවින් තාවකාලික විසදුම් හෝ සහනාධාර වලින් තොරව ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව ජනාධිපතිවරයා තමන් නැවත ලංකාවට ආ විගස ඒ පිලිබඳ තීරණයක් ගන්නා බවට මැති ඇමතිවරුන්ට පොරොන්දු විය.ඒ අනුව පසුගියදා ලංකාවට පැමිණි ජනාධිපතිවරයා බොහෝ අංශවල පැවති ගැටළු ලිහිල් කිරීමට සමත් වුවා.එහි ප්‍රතිඵලයක් වශයෙන් මුහුදු යාම වර්ජනය කල ධීවරයන් ඊයේ රාත්‍රියේ සිට මුහුදු යාමට එකඟ වුවා.

රජය පෙරලීමට විපක්ෂය ගන්නා උත්සාහයත් මහජනතාවගේ 
අප්‍රසාදයත් පිළිබඳවත් ලංකාවට පැමිණි පසු පැවැත්වූ පළමු රැස්වීමේදීම අදහස් දැක්වීමට ජනාධිපතිවරයා අමතක කලේ නැහැ.
පහතින් දැක්වෙන්නේ එම කතාවයි 


මාව එලවන්න ලේසි නැහැ 
"ජනතාවට පුළුවන් මාව අස් කරන්න. එලවන්න පුළුවන්. ඒ ජනතාවගේ කැමැත්තෙන්. කුමන්ත්‍රණ කාරයින්ට, එන්.ජී.ඕ කාරයින්ට, පිටරටවල ගැත්තන්ට මේ රට පාවා දෙන්න අපි සුදානම් නැහැ. ජනාධිපති එලවන්න එහෙම ලේසියෙන් පුළුවන් වෙන්නෙත් නැහැ කියල මන් ඔවුන්ට කියන්න ඕනෑ. ඒ වැඩවලට ලේස්ති වෙන්නත් එපා, මේ රටේ ජනතාව ඉන්නවා. බලහත් කාරයෙන් ආණ්ඩු පෙරලන්න ඉඩ දෙන්න පුලවන් කමක් නැහැ".

මේක කලබල වියයුතු දෙයක් නෙවෙයි 
"අවශ්‍ය යට සහන දෙන්න අපි සුදානම්. ධීවරයින් සහන ඉල්ලුවා. ධීවරයින්ට සහන දුන්නා. සමෘධිලාභීන් ඇතුළු සියලු දෙනාට සහන දෙන්න කියා අපි භාර දීල තියෙනවා. මේක කලබල වියයුතු දෙයක් නොවෙයි.මෙය තාවකාලිකයි.අපි තෙල් මිල වැඩි කරන්නේ කැමැත්තකින් නොවෙයි"

ජනතාවට එපා වුනු දවසට මම යනවා 

"දැන් කට්ටියක් කියනවා මහා පාරට බැහැලා, ගිනි තියලා, ජනතාව විසින් පත් කරනු ලැබූ ආණ්ඩුව පන්නලා දන්නා ඕනෑ කියලා. සමහර පිටරට යට තියෙන්නේ මේ භීතිකාව. මහජනයාට මාව දකින්න ඕනෑ නැති දවසක මම යන්න සුදානම්. මේ ජනතාව මට දීල තියෙන වගකීම ඉටුකරලා තමයි මම යන්නේ. 


ඉන්න ඕන නිසයි ඒ කාලෙත් මම හිටියේ 
"ඒවාට මැතිවරණ තියෙනවා, අවුරුදු පහෙන් පහට, හයෙන් හයට. ගියවර ජනාධිපතිවරණය තිබ්බේ අවුරුදු හතරකින්. මම පහක් හෝ හයක් වෙනකම් හිටියේ නැහැ. ඉන්න ඕනෑ නිසයි ඒ අවුරුදු හතරත් මම හිටියේ.

හෙට ගැන හිතන්න 

මම තමුන්නසේලාගෙන් ඉල්ලන්නේ මේ රටේ තමුන්නසේලාගේ දරුවන් ගැන හිතන්න. අපි හිතනවා අපිට වගකීමක් තියෙනවා, අපි වයසට ගිහින් මැරිලා යයි. නමුත් ඔබේ දරුවාට මේ රටේ යහතින් , සාමයෙන්, සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් ගොඩනගන වගකීමයි ඔබ මට පැවරුවේ. ඔබ ඒ පවරපු කාර්ය කිසිම පැකිලීමකින් තොරව මම ඉටු කරනවා" 




තෙල් මිල ඉහල යාම පිලිබඳ "ඇන්ඩ් කොම්පැනි" මතය 




Source: http://www.gossip9.com/2012/02/blog-post_5809.html#ixzz1n1JfJmol

Share this article with your friends