Chitika Smowtion 468x60


Thursday, March 15, 2012

හයිකොප් නඩුවෙන් සරත් ෆොන්සේකා නිදහස්



හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා හයිකොප් නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

ශ්‍රී ලංකාවේ අපරාධ නිති සංග්‍රහය අනුව හා ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතින් පිළිබදව සම්මුතින්ට අනුව එක් පුද්ගලයෙකුට එකම සිද්ධියක් සම්බන්ධයෙන් නඩු දෙකක් පැවරිය ‍‍නොහැකි නිසා මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවයි විනිසුරු විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.

යුධාධිකරණයේ හයිකෝප් සිද්ධියට අදාළව පැවැති නඩු විභාගයත්, මහාධිකරණයට යොමුකර ඇති නඩු විභාගයත් යන දෙකම එක සමාන බවයි ඔහු තීන්දුව දෙමින් කියා සිටියේ

හයිකෝප් නඩුවෙන් නිදහස ලබා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයෙන් පිටව යද්දී මාධ්‍යවේදීන් අමතමින් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ,

"හයිකෝප් නඩුවෙන් මාව නිදහස් කරලා වටිනා තීන්දුවක් දුන්නා. ඒ විනිසුරුවරයාට අපේ ප‍්‍රණාමය. තවත් පිටකොන්ද තියෙන විනිසුරුවරයෙක් මේ රටේ ඉන්නවා. කියලා අද ඔප්පු වුණා. අධිකරණයේ ගෞරවය රකින්න ඒවගේ අය තවත් ඉන්න ඕනි.’ ජයවේවා !" යනුවෙනි.






Source: http://www.gossip9.com/2012/03/blog-post_2543.html#ixzz1pCsm86Gl 

Share this article with your friends