Chitika Smowtion 468x60


Thursday, March 15, 2012

නිදහස් කරන බව කියන ජෙනරාල්ට තවදුරටත් නඩු පැවරීම ගැටලූවක් - අර්ජුන


ලඟදීම නිදහස් කරන බව කියන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව තවදුරටත් නඩු පවරන්නේ ඇයිදැයි තමන්ට බලවත් ගැටලූවක් මතුවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි. ජෙනරාල්වරයාට එරෙහිව අලූතින්ම විභාගයට ගැනුනු නඩුවක් සඳහා ජෙනරාල්වරයා පෙරේදා පෙරවරුවේ අධිකරනයට රැගෙන ආ මොහොතේ ඔහු බැහැදැකීමට අධිකරන භූමියට ගිය අර්ජුන රණතුංග මන්ත‍්‍රිවරයා ජෙනරාල්වරයා සමග කතාබහ කිරීමෙන් පසු නීතීඥවරුන් කිහිප දෙනෙකු සමග ඉහත ප‍්‍රකාශය කර තිබේ.



ටිරාන් අලස් මහතා ප‍්‍රකාශ කළ පරිදි ජෙනරාල් ෆොන්සේකා අවුරුද්දට පෙර නිදහස් කරනු ඇතැයි තමා ප‍්‍රකාශ කළද ජෙනරාල් තවදුරටත් නඩුවල පැටලවීමට දරන උත්සාහය ඊට පරස්පර බව රණතුංග මහතාගේ අදහස වී තිබේ.

යුද හමුදා සක‍්‍රීය සේවයෙන් ඉවත්වීමෙන් පසුවද යුද හමුදා සෙබලූන් 10 දෙනෙකු ආරක්ෂාව සඳහා යොදවා ගැනීමත්, ඔවුන් රාජපාක්ෂික භාවයෙන් ඉවත්කිරීමට කටයුතු කිරිමත් යනාදී චෝදනා 41 සම්බන්ධයෙන් අලූත් නඩුව පවරා තිබූ අතර එය අද (15) සහ හෙට (16) විභාගයට ගැනීමට නියමිතය.

අද දින සාක්ෂිදීමට නියමිත ලූතිනන් කර්නල් එල්.පී.ආර්. පේ‍්‍රමලාල් මහතාගෙන්ද ජෙනරාල්වරයාට එරෙහිව කටඋත්තර ලබාගෙන ඇත්තේ, ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සහ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියට පටලවා ජීවිතාන්තය දක්වා සිරගත කොට දඩුවම් ලබාදෙන බවට සිදුකළ භියගැන්වීම් හරහාය.

Source - lankanewsweb.com

Share this article with your friends