Chitika Smowtion 468x60


Thursday, March 15, 2012

ඉතිහාසයේ පලමු වරට ආරක්ෂක කැමරා සවි කළ වෑන් රථයක් කොළඹට


ආරක්ෂක කැමරාවක් (CCTV) සවි කරන ලද වෑන් රථයක් පෙරේදා සිට පොලීසිය විසින් කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා මාර්ග වල ධාවනයට යොදා තිබෙනවා.

ආරක්ෂාව සඳහාත්, රථවාහන පාලන කටයුතු සඳහාත් වෑන් රථයක ආරක්ෂක කැමරාවක් සවි කර මහ මගට යොමු කළ පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වෙන්නේ.

මෙම වෑන් රථයේ සිට කොළඹ නගරය තැන තැන සවි කර ඇති ආරක්ෂිත කැමරා වල දර්ශණ ද නැරඹීමේ පහසුකම තිබීම විශේෂිතයි.

වෑන් රථයේ සවි කොට ඇති කැමරාවෙන් කිලෝමීටර් දෙකක් පමණ පෙනෙන දුරක් ඉතා හොඳින් නිරීක්ෂණය කිරීමේ පහසුකම් ඇතැයි පැවසෙන අතර එම කැමරාවෙන් ලැබෙන දර්ශන ස්වයංක්‍රීයව පටිගත කෙරන බව වාර්තා වෙනවා.

මෙම වාහනය පෙරේදා උදේ කොළඹ නගරයේ ස්ථාන කිහිපයක නතර කරමින් මාර්ගයේ රථවාහන ධාවන කටයුතු පිළිබඳව නිරීක්ෂණය කර තිබෙන අතර එහිදී මාර්ග නීති උල්ලංඝනය කළ රියැදුරන් කිහිප දෙනෙකුම නීතියේ රැහැනට හසුකරගැනීමටද හැකිවී තිබෙනවා.

කොළඹ, ගාලුමුවදොර ප්‍රදේශයේ එම ආරක්ෂිත කැමරා සවිකරන ලද වෑන් රථය නතර කර තිබූ අයුරු පහතින්.




Share this article with your friends