Chitika Smowtion 468x60


Thursday, March 15, 2012

මිනීමරු සුදුවෑන් රථය පැහැරගත් එකක්


පසුගියදා වැල්ලම්පිටියේදී ජනතාව විසින් කොටුකරගත් WP 8649 දරන කුප‍්‍රකට සුදුවෑන් රථය යුද හමුදාවේ කපිතාන්වරයෙකු විසින් කිලිනොච්චිය ප‍්‍රදේශයෙන් පැහැරගත් එකක් බවට පිලිගත හැකි සාක්ෂි මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.
මෙම සුදුවෑන් රථය 2011 ජුනි මස 20 වන දින පළමුවරට මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට ඇති අතර එම ලියාපදිංචියේ සඳහන් ආකාරයට අයිතිකරුවන් වන්නේ කිලිනොච්චිය, තරුනගර් දකුණ අංක 1139 ලිපිනයේ පදිංචි අරුල්නායගම් අර්ෂිකදර් නැමැත්තෙකි. මෙම වාහනයේ චැසි අංකය LAJRSKF 16 A 000 2174 වේ.

මෙම ලිපිනය සහ පුද්ගලයා පිළිබදව කිලිනොච්චිය ප‍්‍රදේශයෙන් කළ විමසීමකදී තහවුරු වූයේ එකී ලිපිනය සහ පුද්ගලයා ව්‍යාජ ඒවා බවයි. මෙම වෑන් රථය යුද හමුදාවේ සේවය සඳහා යොදවා ඇත්තේ යුද හමුදාවේ කපිතාන්වරයෙකු වන අතර ඔහුට ඒ සඳහා මාසිකව රුපියල් 55,000 ක මුදලක් ලබාදෙන බවට වැඩිදුරටත් වාර්තා වේ.



Source - lankanewsweb.com

Share this article with your friends