Chitika Smowtion 468x60


Thursday, March 15, 2012

මානෙල් වානගුරුට ලැබුණු අපුරු උපන්දින තෑග්ග


මානෙල් වානගුරු පසුගියදා ඇගේ උපන් දිනය සැමරුවා. සාදය සංවිධානය කළේ ජනිත්. මේ උපන්දින උත්සවයට කලින් දවසේ මානෙල්ට දුරකථන ඇමතුමක්‌ ලැබිණි. ඒ බත්තරමුල්ල ඩේවිඩ් පීරිස්‌ සමාගමේ චෙරි QQ අංශයෙනි.

"ඔබතුමියට තෑග්ගක්‌ තියෙනවා. ඇවිත් ගන්න..." සමාගමේ නිලධාරිනියක්‌ එසේ කියද්දී මානෙල්ට හිතුණේ එය විහිළුවක්‌ කියා. නමුත් යළිත් ඇමතුම ආ විට ඇයට එය විශ්වාස කළාය.
 

මානෙල් චෙරි QQ ප්‍රදර්ශනාගාරයට ගියාය. "කැමති කාර් එකක්‌ තෝරා ගන්න..." චෙරි QQ මෝටර් රථ පෙන්වමින් ප්‍රදර්ශනාගාරයේ නිලධාරියෙක්‌ කියද්දී මානෙල්ට කිසිවක්‌ සිතා ගන්නට නොහැකි විණි. ඒ සමගම ඉහළ මාලය දෙස ඇගේ දෙනෙත් එකවර යොමු විණි. ජනිත් පුතා.... සිනාසෙමින් ඉහළ සිට මව දෙස බලා සිටී.
 

"අම්මේ... ඇවිත් මේ කළු පාට චෙරි QQ එක තෝරා ගන්න. අම්මට මගෙන් උපන්දින තෑග්ගක්‌" 


"පසුගිය කාලේ මටම කියලා වාහනයක්‌ නැතුව මම හුඟාක්‌ කරදර වුණා. මේ ගැන දවසක්‌ මම ජනිත්ට කිව්වා. චෙරි QQ කාර් එකකට මම කැමතියි කියලත් පුතාට කිව්වා. ඒ කතාව එතැනින් අවසාන වුණත් පුතා ඒක මතක තියාගෙන හිටියා".


Share this article with your friends