Chitika Smowtion 468x60


Thursday, March 15, 2012

අමරසිරි පිරිස්ගේ ගීත විකුණා කෝටි ගණන් මුදල් ඉපයූ තරුණ ගායකයන් දෙදෙනා කවුද?


නිර්මාණ මංකොල්ලය විවිධ කාල වලදී විවිධ අයුරින් සිදුවන්නක්.

රෝයි පිරිස් මහතා වසර 25 ක් පුරාවට ගැයූ "මා දෑසේ වේදනා" නම් ගීතයත්, නාමල් උඩුගමගේ නාමල් උඩුගම විසින් ගායන කරන "රෑ සිහිනෙන්" ගීතයත් රිඟින් ටෝන් සඳහා ශිහාන් මිහිරංග විසින් නව සංගීතය මුසුකොට ගායනා කිරීම පිළිබඳව මීට පෙර ලිපි දෙකක් මඟින් අප ඔබ වෙත කරුණු ගෙන ආවා.

"මා දෑසේ වේදනා" නම් ගීතය රිඟින්ටෝන් වලට දීම සඳහා පොරොන්දු පත්‍රයක් සකස්කොට අත්සන් අරන් තිබුනේ EVOKE නම් සමාගම විසිනි.

ගීත මංකොල්ලයේ තවත් ගොදුරක් බවට පත්වී ඇත්තේ "අමරසිරි පීරිස්" මහතායි. ඩයලොග් ආයතනයේ රිඟින් ටෝන් සඳහා, පෞද්ගලික මාධ්‍යය විසින් ජනප්‍රිය ගායකයින් ලෙස හංවඩු ගැසූ එක්තරා ගායකයන් දෙදෙනෙකු විසින් අමරසිරි පීරිස් මහතාගේ "ලඳුනේ""කන්‍යාවියේ" ආදි ගීත ඉල්ලා ඇති අතර ඒ සඳහා ගීත රචකයා, සංගීත රචකයා ආදීන් දැනුවත් කල යුතු බවයි ඔහු පවසා ඇත්තේ.

නමුත් ගීත මංකොල්ලය සඳහා පිහිටවාගන ඇති එක්තරා ඒජන්සියක් වෙත අමරසිරි පීරිස් මහතාගේ අනුදැනුමෙන් තොරව ඔවුන් එම ගීත රිඟින් ටෝන් සඳහා විකුණා තිබෙනවා. මේ අතරම ලංකාවේ තවත් පැරණි ගායකයන්ගේ ගීතද ඔවුන් එම ඒජන්සිය මඟින් ඩයලොග් ආයතනය වෙත විකුණා විශාල මුදලක් ලබාගන ඇත්තේ එම ගීත සඳහා ඔවුන් වග කියන බව පවසමිනි.

"තරු අන්තර්ජාල ගුවන් විදුලි සේවාව" හා පැවති සාකච්ජාවකදී මෙම අදහස් ප්‍රකාශ කර සිටින අමරසිරි පීරිස් මහතා හෙළිකර සිටින්නේ ඔහුගේ ගීත සඳහා පමණක් ඒජන්සිය විසින් ඩයලොග් ආයතනයෙන් මේ වනවිට ලක්ෂ 80ක් පමණ මුදල් ලබාගන තිබෙන බවත් ඉදිරියෙදීත් ඒ සඳහා ඔවුන්ට මාස්පතා මුදල් ලැබෙමින්ද පවතින බවත්ය.

ගායකයාට හොරෙන් සංගීත රචකයා ගීත විකුණන බවත්, පදරචකයාට හොරෙන් ගායකයා ගීත විකුණන තත්ත්වයක් පවතින බවත් පවසන අමරසිරි පීරිස් මහතා මෙම ගීත මාෆියාව පිළිබඳව පලමු වරට හෙළි කර තිබුනේ මෙලෙසින්. පහත සංවාද හඬ පටය අහන්න.




ඉන් පසුව ඊයේ ලක්බිම පුවත්පතටද මේ පිළිබඳවම සාකච්ජාවක් අමරසිරි පීරිස් මහතා ලබාදී තිබුණා.


අමරසිරි පිරිස් මහතාගේ ගීත රින්ගින්ටෝන් ලෙස විකුණා කෝටි ගණන් මුදල් ඉපයූ තරුණ ගායකයන් දෙදෙනා කවුද?

අප කල විමර්ශනයකදී එම ගායකයන් දෙදෙනා සොයාගැනීමට හැකිවූ අතර ඒ සම්බන්ධයෙන් අමරසිරි පිරිස් මහතා සමග දීර්ඝ සංවාදයක යෙදීමටද හැකිවිය.එම තරුණ ගායකයන් දෙදෙනාගේ නම් හෙළිකරන හා අමරසිරි පීරිස් මහතා සමග අප කල සංවාදය හෙට දිනයේ බලාපොරොත්තු වන්න.








Source: http://www.gossip9.com/2012/03/blog-post_8225.html#ixzz1pBIEke1V 

Share this article with your friends