
ආසියානු කුසලානය යටතේ ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව අතර බංග්ලාදේශයේ පෙරේදා (13) පැවැති තරගයේදී ශී‍්‍ර ලංකා පිල කී‍්‍රඩාකරනු ලැබුවේ මොබිටෙල් ලාංඡනය ඉවත්කරන ලද කමිස සහිතවය.
මොබිටෙල් සමාගම සිය ලාංජනය ඉවත්කිරීමට හේතු වී ඇත්තේ මෙම තරඟාවලියේ නිල අනුග්‍රාහකයා ලෙස ඉන්දියාවේ දුරකථන නිපදවන සමාගමක් වන "මයික්‍රෝමැක්ස්" සමාගම මෙම තරඟාවලියේප්‍රධාන අනුග්‍රාහකත්වය දැරීම හේතුවෙනි.
නමුත් ඉකුත් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ජංගම දුරකථන සේවා සපයන රිලයන්ස් සමාගම එහි නිල අනුග‍්‍රාහකයෙක් ලෙස කටයුතු කලද ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට මොබිටෙල් ලාංඡනය සහිත කමිස භාවිතා කිරීමට අවස්ථාව ලබාදී තිබිණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙයට මැදිහත් නොවීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇතැයි ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙති.