Chitika Smowtion 468x60


Tuesday, April 10, 2012

කුමාර් මහත්තයාට ගහලා දාන්න ඕඩරය ආවේ මීට මාස 04 කට කලින්


දැනට පැහැරගෙන ගොස් සිටින පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නායක පේ‍්‍රමකුමාර් ගුණරත්නම් නොහොත් කුමාර මහත්තයා මරා දමන ලෙස ආරක්‍ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ විසින් නියෝගය නිකුත් කරනු ලැබුවේ මීට මාස 04 කට කලින් බව ආරක්‍ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.


ජන අරගලය කණ්ඩායමේ ප‍්‍රබල කි‍්‍රයාකාරී සියලූ දෙනා සහ ඔවුන්ගේ කි‍්‍රයාකාරකම් පිළිබඳවම දැඩි අවධානයෙන් සිටින ලෙස ආරක්‍ෂක ලේකම්වරයා තම මිනීමරු ඒකකයන්ට දැනුම් දී ඇත්තේ මීට කාලයකට ඉහත වන අතර, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පිහිටුවා එහි නායකයා වශයෙන් පේ‍්‍රමකුමාර් ගුණරත්න විවෘත දේශපාලනයට පිවිසීමට ප‍්‍රථම තම නියෝගය කි‍්‍රයාත්මක කරන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා අවධාරණය කොට තිබේ.
පසුගිය 06 වනදා පේ‍්‍රමකුමාර් ගුණරත්නම් නොහොත් කුමාර මහත්තයා පැහැර ගනු ලැබුවේ ආරක්‍ෂක ලේකම්වරයාගේ එම නියෝගය පිළිපැදිමක් වශයෙනි.
මෙම පැහැර ගැනීම රහස් පොලිස් අධ්‍යක්‍ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් පෙරේරා විසින් මෙම කාර්යය සඳහාම පිහිටුවන ලද විශේෂ ඒකකයක් විසින් සිදු කොට ඇති අතර, කුමාර මහත්තයාගේ ඉදිරි කටයුතු මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා වෙත භාර දී තිබේ.
ඊයේ (09) දින ශී‍්‍ර ලංකාවේ ජනමාධ්‍ය අමතා ඇති ආරක්‍ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ ‘‘ ඕස්ටේ‍්‍රලියන් කාරයින්ට මේ රටේ පිස්සු කෙලින්න ඉඩ දෙන්න බෑ’’ කියමින් තම අමන තකතීරු මිනීමරු නියෝගයන් සාධාරණීකරණය කිරීමේ වෑයමක නිරත වී තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends