Chitika Smowtion 468x60


Tuesday, April 10, 2012

ඉදිරියේ දී හොඳ කෙනෙක් හම්බුණොත් හිතලා බලනවා - අයෝධ්‍යා


හැඩරුව ගැන විශේෂයෙන් 
සලකන්නේ නෑ...
හිත හොඳ නම් ඒ ඇති...

පුංචි තිරයේ රංගන ශිල්පිණියක ලෙස මේ දිනවල ඔබ හමුවට පැමිණෙන ඇය සිය රංගන ජීවිතය අරඹන්නේ ළමා රංගන ශිල්පිණියක ලෙසය. 

2006 වසරේ රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ හොඳම ළමා නිළිය ලෙස සම්මානයට පාත‍්‍රවීමට ද ඇය සමත්වූවාය. ඇය අයෝධ්‍යා දක්ෂිකා


ඉතින් අයෝධ්‍යා කොහොමද ජීවිතේ?
හොඳින් ඉන්නවා. කලා කටයුතු නිසා තරමක් කාර්යයබහුලයි. සතුටින් හොඳින් ඉන්නවා.

ඔබ අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණදුන්නේ පසුගිය අවුරුද්දේ. කොහොමද ඔබේ අධ්‍යාපන වැඩ කටයුතු?


උසස් පෙළ විභාගයෙන් පස්සේ මම විශ්ව විද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඉදිරියේ දී මාධ්‍ය අංශයෙන්ම උපාධිය හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අධ්‍යාපනය පැත්තෙන් ඔබ කොහොමද ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ?
මගේ ලොකු හීනයක් තියෙනවා මාධය අංශයෙන්ම ඉදිරියට යන්න. ඒකයි මම ඒ අංශය උපාධිය සඳහා තෝරාගත්තෙත්. මට මුලින්ම රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙත් රංගනය පිළිබඳව හැදෑරීමක් ලබමින් සිටි ආයතනයක් හරහායි. 

මෑතකදී නම් මගේ අධ්‍යාපන කටයුතු එක්ක රංගනය පිළිබඳව හැදෑරීමක් කරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. නමුත් ඉදිරියේ දී රංගනය ගැන තවදුරටත් හැදෑරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.

රංගන ශිල්පිණියක් විදිහට දීර්ඝකාලීනව ක්ෂේත්‍රයේ රැඳීසිටීමද බලාපොරොත්තුව?
අනිවාර්යයෙන්ම. මම පුංචි කාලේ ඉඳන්ම ආව මේ ගමන ඉදිරියටත් මම කරගෙන යනවා. රංගනය මගේ මරණය දක්වා කරගෙන යාමයි මගේ බලාපොරොත්තුව.

අයෝධ්‍යා, ඔබ කොහොමද කලා ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව උදාකරගන්නේ. ඒ ගැනත් කතාකරමු?
මම කලාවට පිවිසෙන්නේ 2002 වසරේ දී. ප්‍රියන්ත සමරකෝන් මහතා‍ විසින් පැවැත්වූ රංගනය පිළිබඳ පාඨාමාලාවකට මම සම්බන්ධ වුණා. එහිදී ඔහුගේ පළමු ටෙලි නාට්‍යය වුණු "බක්මහේ සිහිනය" නාට්‍යයේ ප්‍රධාන චරිතය සඳහා මාව තෝරාගත්තා. ඒ ටෙලි නාට්‍යයෙන් තමයි මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ. 


නමුත් ඒ නාට්‍යය අද වනතුරු තිරගත වුණේ නෑ.  පසුව අතුල පීරිස් අධ්‍යක්ෂණය කළ "සින්දු කියන උණ පඳුර" ටෙලි නාට්‍යයට මම සම්බන්ධ වුණා. එය මගේ දෙවන ටෙලි නාට්‍යය. නමුත් ඒ නාට්‍යය තමයි මුලින්ම විකාශය වුණේ. ඒ නාට්‍යය සඳහා මට 2006 වසරේ රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ "හොඳම ළමා නිළිය" සම්මානය ලැබුණා. 

යොවුන්වියේ සිටින තරුණියක් විදිහට ඔබ ආදරය සහ විවාහය දකින්නේ කොහොමද?
ආදරය සුන්දරව වින්ඳොත් අතිශයින්ම සුන්දරයි. එක් එක් අය ආදරය කරන විදිහ වෙනස්. ආදරය කරන්න නම් ඔහු හෝ ඇය තමන්ව හොඳින් තේරුම්ගත් කෙනෙක් වෙන්න ඕන. මගේ පෞද්ගලික අදහස නම් විවාහවෙන්න ඕනෙ ආදර සම්බන්ධතාවයක් මතයි. 


ආදරය අතිශයින් සුන්දර දෙයක්. මම තවම ඒ ගැන හිතලා නෑ. මොකද මෑතකදී තමයි මගේ පාසල් අධ්‍යාපන කටයුතු අවසන් වුණෙත්. ඉදිරියේ දී හොඳ කෙනෙක් හම්බුණොත් හිතලා බලනවා.

අයෝධ්‍යා, බලාපොරොත්තු වෙන්නේ මොනවගේ සහකරුවෙක්ද කියලා ඇහුවොත්?
කලාව ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න ඕන. උගත්කම ගැනත් බලනවා. ඒ වගේම සුරා සූදුවෙන් තොර කෙනෙක්ම වෙන්න ඕනේ. හැඩරුව ගැන විශේෂයෙන් සලකන්නේ නෑ. හිත හොඳ නම් ඒ ගැන තමයි මුලින්ම බලන්නේ.  

Share this article with your friends