Chitika Smowtion 468x60


Tuesday, April 10, 2012

සුදු වෑන් භීතිකාව හා කුමාර් මහත්තයා ගැන ගෝඨා කතා කරයි


අතුරුදන් වූ දිමුතු හා කුමාර් මහත්තයා හමුවෙයි
කුමාර් ගුණරත්නම් ඔස්ට්‍රේලියාවට යවයි

සුදු වෑන් කියල කියන්නේ සුරා බදු දෙපාර්තමේන්තුවේ පැහැර ගැනීම් 
සමහර වෑන් සුදු නෙවෙයි නිල් පාටයි
කුමාර් මහත්තයා පොලීසියට බාර වෙලා
- ගෝඨා හෙළි කරයි 

ඊයේ (09) දිනයේදී ස්වාධින රුපවාහිනියේ විකාශය වූ දොරමඩලාව වැඩසටහනට සම්බන්ධ වූ ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා රටේ ආන්දෝලනයට තුඩු දී ඇති සිදුවීම් දෙකක් වන සුදු වෑන් භීතිකාව හා කුමාර් ගුණරත්නම්ගේ අතුරුදන්වීම ගැන කතා කළා.

සුදු වෑන් භීතිකාව ගැන කතා කරන ගෝඨාභය රාජපක්ෂ මහතා 

"කොළඹ සිද්දියක් සිද්ධ වුනා..ආදුරුප්පු විදියේමේ ජනතාව පොලිසිය වට කරලා අපේ තරුණයන් දෙදෙනෙක් සුදු වෑන් එකකින් පැහැරගෙන ගියා කියලා මහා කලබැගෑනියක් සිදු කළා..අන්තිමට බොහොම අමාරුවෙන් ඒ ගොල්ලෝ විසුරුවා හැරියා..ඊට පස්සේ දිනකට පස්සේ මේ තරුණයෝ දෙන්න අපහු ආවා..
ආවම පොලිසිය ඇහුව කොහෙද තමුසෙලා ගිහිල්ල හිටියේ කියල..එතකොට කිව්වා අපි මේ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අල්ලාගෙන ගියා කියලා..මේ මොකද්ද..කුඩු හෝ යම්කිසි දේකට..මේ සුදු වෑන් එකකින් ගෙනිච්ච් කියල කට උත්තරත් දීල..ඉතින් සුරාබදු නිලධාරීන් කියල, නෑ අපි ගාව සුදු වෑන් නෑ අපි ගාව තියෙන්නේ නිල් වෑන් කියල"
එහි වීඩියෝව පහතින් බලන්න  



කුමාර් ගුණරත්නම් ගැන කතා කරන ගෝඨාභය රාජපක්ෂ මහතා 

"මේ වැඩසටහන පටන් ගන්න කලින් මට ආරංචියක් ලැබුනා..මේ කුමාර් ගුණරත්නම් කියන පුද්ගලයා යම් පොලිසියකට ඇවිල්ල බාර උනා කියන කාරණය..එතකොට නොයෙල් මුදලිගේ කියන පුදගලයා මෙයානම් අපිට ජීවිතේට කුමාර් ගුණරත්නම් කියන පුද්ගලයා හොයාගන්න බැනේ.."
සම්පුර්ණ කතාව පහතින් බලන්න


ඊයේ රාත්‍රියේදී කුමාර් ගුණරත්නම් (ඔස්ට්‍රේලියාවේදී පෙනී සිට ඇත්තේ නොයෙල් මුදලිගේ) කොලොන්නාව ප්‍රදේශයේ මහමග වෑන් රථයකින් දමාගොස් ඇති අතර ඔහු ඉන් පසුව පොලීසියට ගොස් ඇති අතර තමා කුමාර් ගුණරත්නම් බව හදුනවා දීමෙන් පසුව ඔහුව ඔස්ට්‍රේලියාව බලා අද උදෑසන 7:30 ට පිටත්කොට යවා ඇත.

සිය සැමියා වන ප්‍රේමකුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලියාවට පිටුවහල් කරන ලෙස ඒ මහතාගේ බිරිඳ වන වෛද්‍ය චම්පා සෝමරත්න මහත්මිය මෙයට පෙර ඉල්ලීමක් කර තිබු අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිවැරදි මාවතක ගමන් කරමින් සිටින බවත් ප්‍රේමකුමාර් ගුණරත්නම් යනු පක්ෂයක් නොවන බවත් දේශපාලන පක්ෂයක් නිවැරදි මාවතක ගමන් කරනවානම් එම පක්ෂය කිසිදා කඩානොවැටෙන බවත් ඇය මාධ්‍යයට පවසා තිබුණි.

කුමාර් මහතාගේ බිරිඳ හා දරුවන් 
මේ වනවිට අතුරුදන්ව සිටි දිමුතු ආටිගල ද පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මාධ්‍යය හමුවේ පෙනී සිට ඇත.






Source: http://www.gossip9.com/2012/04/blog-post_2741.html#ixzz1rd7V9OCQ

Share this article with your friends