මෙසේ ගෙන ආ දෙදෙනා එම මූලස්ථානයේ පහත මාලයේ පිහිටා තිබෙන දිසා කොට්ඨාශ විශේෂ විමර්ශන ඒකකය (Special Range) යටතේ රඳවා ගෙන සිටී. මෙම දිසා කොට්ඨාශ විශේෂ විමර්ශන ඒකකය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කි‍්‍රයාත්මක වන කුප‍්‍රකට ඒකකයකි. ඊයේ අලූයම 2.30 ට පමණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සිවිල් ඇඳුමින් සැරසී මෙම ස්ථානයට පැමිණ තිබෙන අතර, එසේ පැමිණ කුමාර මහත්තයා සමග සුලූ වේලාවක් කතාබස් කරමින් සිට ඇත.
පසුගිය කාලය තුළ සිදු වූ පැහැරගැනීම් හා අතුරුදන්වීම් විශාල ගණනකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ මග පෙන්වීම යටතේ මෙම දිසා කොට්ඨාශ විශේෂ විමර්ශන ඒකකය වගකිව යුතු බව සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවේම අදහසයි.
Source - lankanewsweb.com