Chitika Smowtion 468x60


Tuesday, April 10, 2012

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පළමු සමුළුව


ප්‍රතිඥාව - සමුළුවට ඉදිරිපත් කිරීම ලේකම් මණ්ඩලය වෙනුවෙන් චමීර කොස්වත්ත සහෝදරයා
සමස්ත මානව වර්ගයා ම්ලේච්ඡ අධිරාජ්‍යවාදයේත් රූකඩ ධනවාදයේත් විලංගුවෙන් මුදා ගෙන දීප්තිමත් ඉරණමක් වෙත රැගෙන යාමේ ලෝක පරිමාන කර්තව්‍යක ලාංකේය අනුඛණ්ඩය ලෙස ඒ සඳහා ලාංකේය සමාජය තුළ සමාජවාදී සමාජ පරිවර්තනයක් සිදු කිරීම සඳහා පීඩිත ජනතාව සංවිධානය කිරීමේ අරමුණෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග එක්ව සටන් වදින අප, එයට බාධාකාරී ලෙස වත්මන් නව ලිබරල් ධනවාදය විසින් අප ජීවිත සිදු කරමින් තිඛෙන සියලූම ආකාරයේ බලපෑම්, අගතීන් ඉදිරියේ නොසැලී එම අභියෝගයන් ජයග්‍රහණයෙන් කෙළවර කිරීම සඳහාද දැඩි අධිෂ්ඨානයෙන් සහ ධෛර්යයෙන් යුතුව අරගල කරන බවටද සමාජවාදී සමාජ පරිවර්තනයක් සිදු කිරීමේ දුෂ්කර ව්‍යායාමය සඳහා අවශ්‍ය නව විප්ලවවාදී භාවිතාවක් නව ජීවන විලාසයක් සඳහා වන ආදර්ශය සැපයීම සඳහා අනවරත අරගලයක නිරත වන බවටද අවසන් අරමුණ ජයග්‍රහණය තෙක් නොනැවතී සටන් වදින බවටද සපථ කර සිටිමු.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය පළමු සමුළුවට ඉදිරිපත් කෙරෙන විශේෂ සමුළු යෝජනාව - සමුළුවට ඉදිරිපත් කිරීම ලේකම් මණ්ඩලය වෙනුවෙන් එස්. කේ. සුබසිංහ සහෝදරයා
නව ලිබරල් ධනවාදයේ දෙවැනි ඉනිමට අදාළ ප්‍රති සංස්කරණ සිදු කිරීමේදී පැන නැගෙන ජනතා විරෝධයන් මැඩලීම සඳහාත් ඊට එරෙහිව සටන් වදින ජනතා බලවේගයන් දුර්වල කිරීම හා නිහ~ කිඍීම සඳහාත් රට තුළ මිලිටරි මය වාතාවරණයක් පවත්වාගෙන යන ආ්ඩුව සමාජය තුළ භීෂණකාරී මනෝභාවයක් ගොඩනගමින් සිදු කරන අතුරුදහන් කිරීම්, පැහැර ගෙන යාම් හා වෙනත් ආකාරයේ පීඩාවන් හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක් එල්ල කරමින් සිටී. මෙම තත්වය ආරම්භයේදී විවිධ නාමකරණයන් යටතේ සමාජයෙන් ආන්තිකකරණයට ලක් කරන ලද කොටස්වලට සීමා වුවද දැන් එම මර්දනය දේශපාලන පක්ෂ නායකයින්ද ඇතුළත් වෙනත් තලයකට අවතීර්ණ වී ඇති බව පෙනී යන්නේ 2011 දී යාපනයේ දේශපාලන ක්‍රියාකාරීත්වයේ නිරතව සිටි ලලිත් හා කුගන් සොහොයුරන්ද මෑතකදී පක්ෂයේ නායකත්ව කාර්යභාරයක් නියෝජනය කළ ප්‍රේමකුමාර් ගුණරත්නම් සහෝදරයා සහ දිමුතු ආටිගල සහෝදරියද රජයේ ආරක්ෂක අංශ විසින් පැහැර ගැනීමට ලක් වීමෙනි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ මූලික අයිතීන් අභියෝගයකට ලක්ව ඇති මේ තත්වය තුළ, පැහැර ගැනීම් හා අත්අඩංගුවට ගැනීම්වලට එරෙහි ව්‍යාපාරය තවත් පක්ෂ හා සංවිධාන එක් කර ගනිමින් තවදුරටත් පුළුල් කළ යුතු යැයි යෝජනා කරන මෙම සමුළුව, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සටන් පාඨය අධිරාජ්‍යවාදීන්ගේ කලාපීය බලවතුන්ගේ දේශීය ධනේෂ්වරයේ හො වෙනත් ජාවාරම්කරුවන්ගේ පටු වුවමනාවන් වෙනුවෙන් භාවිත කිරීමට ඉඩ ලබා නොදී සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය උස් මානව නිදහස සහ සමානාත්මතාව දිනා ගැනීම සඳහා වන පුළුල්තම සටන් පෙරමුණක් වමේ ව්‍යාපාරයේ නායකත්වය හා මෙහෙයවීම සහිතව ගොඩනැගිය යුතු යැයිද ලලිත්, කුගන්, කුමාර් සහෝදරවරු සහ දිමුතු සහෝදරිය නිදහස් කර ගැනීමේ අඛණ්ඩ අරගලය ජනතාව සමග බද්ධ වූ එකී පුළුල්තම අරගල ව්‍යාපාරය හරහා සිදු කළ යුතු යැයිද මෙම සමුළුව යෝජනා කර සිටී.
සභාපති මණ්ඩලය - සේනාධීර ගුණතිලක, පුබුදු ජයගොඩ, චම්මික සුදසිංහ
ලේකම් මණ්ඩලය - චමීර කොස්වත්ත, ජූඩ් සිල්වා පුල්ලේ, එස්. කේ. සුබසිංහල
පිළිගැනීමේ කතාව - ලේකම් මණ්ඩලයේ චමීර කොස්වත්ත සහෝදරයා
සුබපැතුම් -
• සමාජවාදී කම්කරු ජාත්‍යන්තර වෙනුවෙන් එහි ආසියානු කලාපය භාර ප්‍රධානී ක්ලෙයාර් ඩෙයිලි සහෝදරිය
• ඉතාලි රිෆන්දා කොමියුනිස්ට් පක්ෂයේ විදේශ සම්බන්ධීකාරක ජාන්මාර්කෝ පීසර් සහෝදරයා
• පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉතාලි කමිටුව වෙනුවෙන් තීමස් විජිත සහෝදරයා
• පාකිස්තානයේ වෘත්තිය සමිති හා ජාත්‍යන්තර කම්කරු සහෝදරත්වය වෙනුවෙන් කාලික් මොහොමඩ් සහෝදරයා
• ඉතාලියේ නාපෝලි මානව හිමිකම් හා නීතිඥ සංගමය වෙනුවෙන් නීතිඥ නිකාලෝ ඛෙත්රෝවා සහෝදරයා
• පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රංශ කමිටුව වෙනුවෙන්
• ඉතාලියේ වෘත්තිය ක‍ඨෂඛ සමිති සම්මේලනය නියෝජනය කරමින් ඩි්‍රස් එන්තියා සහොද්රයා
• පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බි්‍රතාන්‍ය කමිටුවේ සුබපැතුම්
• පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඕස්ටේ්‍රලියානු කමිටුව වෙනුවෙන් ජගත් බණ්ඩාර සහෝදරයා
• සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් මහින්ද දේවගේ සහෝදරයා
• පීපල්ස් මාච් සංවිධානය වෙනුවෙන් ඒ.ඩී.පී. රත්නායක සහෝදරයා
• ලංකා සම සමාජ පක්ෂයේ විකල්ප පාර්ශ්වය වෙනුවෙන් චානක්‍ය සිල්වා සහෝදරයා
• ප්‍රැක්සිස් එකතුව වෙනුවෙන් සුමිත් චාමින්ද සහෝදරයා
• ශ්‍රී ලංකා මා ඕ වාදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් සුරේන්ද්‍ර අජිත් සහෝදරයා
• එක්සත් සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය සහෝදරයා
• නව සමාසමාජ පක්ෂය වෙනුවෙන් වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා
 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වැඩපිළිවෙළ සහ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම
 විශේෂ සමුළු යෝජනාව ඉදිරිපත් කිරීම හා සම්මත කිරීම
 ප්‍රතිඥාව කියවීම
 දෙමළ භාෂා දේශනය පෙ.ස.පක්ෂයේ සාමාජික පනිවේල් රිචඩ් සහෝදරයා
 නිල වෙම් අඩවිය අඅඅගකෙිදජස්කසිඑච්රඑහගජදප විවෘත කිරීම
 සමුළුවේ ප්‍රධාන දේශනය සේනාධීර ගුණතිලක සහෝදරයා

Source - lankanewsweb.com

Share this article with your friends