Chitika Smowtion 468x60


Tuesday, April 10, 2012

ලෝක රූ රැජින තරඟයට යන්නේ මමයි - සුමුදු


පසුගියදා පැවති දෙරණ මිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ගණිතමය දෝෂයක් හේතුවෙන් ජයග්‍රාහිකාවන් දෙදෙනෙක් බිහිවූ අතර දෙරණ රුපවාහිනි ආයතනය විසින් පවසා සිටියේ දෙදෙනාටම සම අවස්ථා ලබා දීමට පොරොන්දු වන බවයි.

නමුත් ලෝක රූ රැජින තරඟයට එක රටක් නියෝජනය කරමින් තරඟකාරියන් දෙදෙනෙකුට ඉදිරිපත් වීමකට නොහැක.මේ පිළිබඳව විමසීමට අප සුමුදු ප්‍රසාදිනී සම්බන්ධ කරගත් අතර ඇය ප්‍රකාශ කර සිටියේ ලෝක රූ රැජින තරඟය නියෝජනය කිරීමට ලංකාවෙන් ඉදිරිපත් වී සිටින්නේ තමා බවයි.

අවසාන තරඟයේදී නියම ජයග්‍රාහිකාව ලෙස කිරුල පැළඳීමට හැකියාවක් නොලැබීම ගැන තමා දුක්වන බවත් නමුත් දැන් ඇයට සාධාරණය ඉෂ්ඨ වී ඇති බවත් ඇය අප සමග පැවසුවා.

විනු සිරිවර්ධනට කිරුල හිමිවූ අවස්ථාවේ තමාට සිදුවූ අසාධාරණය ගැන කතා කලද ඇතැම් මාධ්‍යය එය කට කතාවක් ලෙස පල කිරීම ගැන ඇය කණගාටුවට පත්වූ බවද අප සමග කියා සිටියා.

කෙසේ නමුත් ඊයේ දිනයේ දෙරණ රුපවාහිනිය මගින් දෙරණ මිස් ශ්‍රී ලංකා වැඩසටහනින් පසු සහභාගී වූ ප්‍රථම වැඩසටහන ලෙස විනු සිරිවර්ධනට ප්‍රචාරයක් ලබා දෙන ලදී.

ඇය එහිදී මිස් ශ්‍රී ලංකා කිරුල පැළඳ සිටීමද විශේෂත්වයක් වුවා.එම අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න 







Source: http://www.gossip9.com/2012/04/blog-post_9912.html#ixzz1rZcfSTfT

Share this article with your friends