Chitika Smowtion 468x60


Tuesday, April 10, 2012

අතුරුදන්වූ දිමුතු ආටිගලගේ විශේෂ හෙළිදරව්ව (වීඩියෝ)


පසුගිය අප්‍රේල් මස 6 වැනිදා ගොඩගම ප්‍රෙද්ශයේදී ආරක්ෂක අංශ විසින් පැහැර ගැනීමට ලක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික දිමුතු ආටිගල මෙනවිය අද දින නිදහස් කරනු ලැබීය.

නිදහස්වීමෙන් අනතුරුව ඇය තමා මුහුණදුන් අත්දැකීම මාධ්‍යය හමුවක් මගින් විස්තර කල අතර පහත දැක්වෙන්නේ එම හෙළිදරව්වයි.

"මම දිමුතු ආටිගල.මාව හයවෙනිදා හවස පක්ෂයේ වැඩක් ඉවර වෙලා සහෝදරයෙක් එක්ක.මම පොල්වත්ත ප්‍රදේශයෙන් බැහැල ගෙදර යන්න ගියා..ගෙදර ලඳ පාර ගාවදි සුදු වෑන් එකකින් ඇස් වහලා කට වහලා වෑන් එකට දාගත්තා


පස්සේ මගෙන් ප්‍රශ්න කිරීම් ගොඩක් කරා..ඉංග්‍රීසි ගුරුවරියක් නේද..මොනවද ජන අරගල ව්‍යාපාරයේ ජාත්‍යන්තර අංශය බාරව ඉන්න කෙනා විදියට තමයි මගෙන් ප්‍රශ්න කරේ.

මුලදී වාහනේදී මම කතා කරන්නේ නැතුව හිටියම පහරදීමක් සිදු කළා.නමුත් ඊට පස්සේ පහරදීම් කලේ නෑ දිගටම ප්‍රශ්න කිරීම් සිදු කළා.මාව ගොඩක් දුර අරන් ගියා වගේ මට දැනුන.කඳවුරකට වගේ.මට දැනුනේ එක ආරක්ෂක අංශ සම්බන්ධ තැනක් කියල.

ආයුධ තිබුනා වාහනේ.ඒ වගේ ලොකු පිරිසක් හිටිය..හයදෙනෙක් විතර.ඇස් දෙක වහල සැහෙන්න දුරක් එක්කගෙන ගියා..උඩ තට්ටුවට දාල මාව සැහෙන්න වෙලාවක් වහල තිබුන.ගිය ගමන්ම පය දෙකක් කව්රුහරි නිලධාරියෙක් ප්‍රශ්න කිරීම් කළා.ජන අරගල ව්‍යාපාරයේ ජාත්‍යන්තර අංශයට තිබෙන සම්බන්ධතා ගැන ඇහුවා.

මගේ බෑග් එකේ තිබ්බ බැංකු පොත් අරගෙන ඒ එක එක විස්තර ඇහුවා.එකට සල්ලි ලැබුනේ කොහෙන්ද කොහමද කියල එහෙම.ඒ වගේම සන්නද්ධ ක්‍රියාකාරිත්වයක් තිබුනද කියල ප්‍රශ්න කිරීම් කළා.ලලිත් කුගන් ගැන ඇහුව.මොනවද හිතන්නේ කියල.ඒ වගේම අපේ වැඩ කරන සහෝදරවරු ගැන ඇහුව..ඔවුන්ගේ ගෙවල් වලට යන පාරවල් ගැන ඇහුවා.

පැය දෙකක් ප්‍රශ්න කල..ආපහු මාව කාමරේට දල වහල තිබ්බ.අත් දෙකටයි කක්ලු දෙකටයි මාංචු දාල තිබුනා..පාන්දර පහ මාරට විතර මාව නැගිට්වල එක්කන් ආවා ප්‍රශ්න කර..එතන කුමාර සහෝදරයත් හිටියා..කුමාර සහෝදරත් සමග මාරුවෙන් මාරුවට ප්‍රශ්න ඇහුවා.

එත් ඇහුවේ සන්නද්ධ අංශයක් ගැන.මොකද්ද ඉස්සරහට කරන්නේ ඉන්නේ.නමවෙනිද වැඩේ අපි නැති හින්දනවත්වයිද කියල ඇහුව.නම වෙනිදා පත්වෙන නිලධාරී මණ්ඩලය ඇහුව.මේ වගේ ප්‍රශ්න කිරීම් ගොඩක් කල පැය දෙකක් විතර.

ඉන් පසුව මාව කාමරේට දාල වැහුව.කුමාර සහෝදරයා වෙනම ගෙනිච්චා,එතනින් පාසේ හත්වෙනිදා රා ආපහු වාහනේට ගෙන වෙනත් තැනකට ගෙනිච්චා..පැයක් විතර වහෙනේ ගෙනිච්චා..ඒ වාහනේ කුමාර් සහෝදරයා හිටිය වගේ මට දැනුනේ.එතනත් කඳවුරක් වගේ මට දැනුනේ.ප්‍රධාන පාරක් අයිනේ.සෙනග ගැවසෙන තැනක්.මට සද්ද ඇහුනා.එතන තමයි අද උදේ වෙනකන් තියාගෙන හිටියේ.

ඊයේ රෑ ඒ දවස් ටිකේම ප්‍රශ්න කිරීම් වලට අවේ නැති කෙනෙක් ආව.එයා ඇවිල්ල කිව්වා කුමාර සහෝදරයා ඔස්ට්‍රේලියාවට යවනවා.එයාගේ පාස්පෝර්ට් වල ප්‍රශ්නයක් තියෙනවා.එක හින්ද අපි එයා යවනවා.එයා ඕස්ට්‍රේලියානු පුරවැසියෙක්.එයා ගිහිල්ල ඒගොල්ලෝ කියන විදියට වැඩ කලොත් මාව නිදහස් කරනවා කිව්වා..

මම ඒ සම්බන්ධව මුකුත් කිව්වේ නැහැ.නමුත් ඊයේ රෑ ඇවිත් කිව්වා ලැස්ති වෙන්න යන්න කියල.ඊට පස්සේ මන් ලැස්ති වෙලා ඉද්දිද්දී මට තේරුනා රෑ යන්නේ නෑ කියල.උදේ පාන්දර ආපහු ලැස්ති වෙන්න කියල කිව්වා.ඊට පස්සේ ආයි කෙනෙක් ඇවිත් කතා කල..කුමාර සහෝදරයා ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා.ඒක හින්දා ආපහු ඔයාව යවනවා.

මාව වාහනේක නැගගෙන ආව..මට කිව්වා..ඇස් ඇරලා බලන්න එපා..අපි ඔයාගේ ඇස් කොයි වෙලාවේ හරි ලිහනවා.වාහනේ අංක බලන්න එපා..බැලුවට වැඩක් නැහැ.අපි කවුද කියල අදුරගන්න හදන්න එපා..මගේ අතට කොළ වගයක් දීල කිව්වා මේ සල්ලි වලින් ත්‍රිවිල් එකකින් යන්න කියල.මගෙන් ඇහුව කොහෙටද යන්නේ කියල.

ඊට පස්සේ මම කිව්වා ඔෆිස් එකට කියල.එයාල කිව්වා ඔෆිස් එකට යන්න බැහැ ලඟට ගිහින් දාන්නම් කිව්වා.දැන් තලපත් පිටිය පාරේ නදුහෙන කිඋයන අතුරුපාරක ඒ ගොල්ලෝ වාහනේ රිවර්ස් කරලා නවත්තල වාහනේ ස්ටාර්ට් එකේ තියාගෙනම මාව අනිත් පැත්තට හරවල බස්සල ඇස් ගලවල වාහනේ ගියා.

මම බැලුවා..එත් මට අන්කේ පෙනුනේ නැහැ 2801 වගේ අංකයක් දැක්ක මම.ඒ ගොල්ලොම කිව්වා අන්කේ බැලුවට වැඩක් නැහැ කියල.ඊට පස්සේ ත්‍රිවිල් එකක නැගල ඔෆිස් එකට ආව.
ඒගොල්ලෝ නිතර කියන්න උත්සාහ කරා මේක ආණ්ඩුවට සම්බන්ධ නැහැ,ආරක්ෂක අංශවලට සම්බන්ධ නැහැ.


ඔයගොල්ලෝ නොමග ගිහිල්ල ඉන්නේ කියල.මම හැම වෙල්ව්ම ප්‍රශ්න කරනකොට කිව්වා ආණ්ඩුවට ඕන අපි සන්නද්දයි කියල කියන්න එල්.ටි.ටි.ඉ එකට සම්බන්ධයි කියල කියන්න.ඒ හැම වෙලාවේම කිව්වා නෑ ආණ්ඩුව කියල කියන්න එපා මේකට ආණ්ඩුවේ සම්බන්ධයක් නැහැ අපි දන්නවා ඕගොල්ලෝ එලියට ගිහිල්ල ගෝඨාභය මහත්තයත් සමබන්ධ කරලා ප්‍රකාශ නිකුත් කරයි.එහෙම සම්බන්ධයක් නෑ කිව්වා.

ඒක නිතර අඟවන්න උත්සාහ කර එහෙම සම්බන්ධයක් නැහැ කියල.මම කිව්වා ඉතින් ඔයගොල්ලොන්ට ටි. 56 වගේ ආයුධ එක්ක මේ වගේ දෙයක් කරන්න පුලුවන්ද ආණ්ඩුවේ සහයෝගයක් හරි ඒ වගේ ආවරණයක් නැතුව කියල.එකට ඒ ගොල්ලෝ උත්තර දුන්නේ නැහැ 
සම්පුර්ණ කතාව ඇතුලත් වීඩියෝව පහතින් බලන්න  

(වීඩියෝ අනුග්‍රහය "ලංකා විව්ස්")



Source: http://www.gossip9.com/2012/04/blog-post_4694.html#ixzz1rdi6oIDW

Share this article with your friends