Chitika Smowtion 468x60


Tuesday, April 10, 2012

උසස්පෙළ සිසුවකු රටටම නිරුවත් කල ස්වර්ණවාහිනිය


දඹුල්ල ඉහල ඇරැව්වල ගමේ පසුගිය කාලය තුල හරක් නව දෙනෙක් නැති වූ නිසා විමසිල්ලෙන් පසුවූ ගැමියන් විසින් නිශාන්ත නම් තරුණයා ගවයන් දෙදෙනෙකු දක්කාගෙන යාමේදී ඔහුව අල්ලා ගෙන ගස් බැඳ ඇත.

නිශාන්ත ට හරක් පට්ටියක් ඇති අතර තමාගේ හරක් පට්ටියට ආ අයිතිකාරයෙකු නොමැති ගවයන් දෙදෙනා තමාට කරදරයක් වූ නිසා විකිනීමට අදහස් කල බවයි.

කෙසේ නමුත් මෙහි වරදකරුවන් තවමත් හෙළිවී නොමැති අතර නිශාන්ත යනු තවමත් සැකකරුවෙක් පමණි.

නමුත් ස්වර්ණවාහිනී  පුවත් විකාශය තුලින් නිශාන්තගේ අදෝනාව රසකොට පෙන්වූ අතර ඔහුගේ මුහුණ රටටම මාධ්‍යය ඔස්සේ නිරාවරණය කිරීම තුලින් "හරක් හොරෙක්" ලෙසද හංවඩු ගසනු ලැබිය. 

මෙම ක්‍රියාව තුලින් නිශාන්තගේ ඉදිරි ජිවිතයද විනාශ විය හැක.නිශාන්ත උසස්පෙළ ගණිත අංශයෙන් හදාරා සියලු විෂයන් සමත්ව සිටින තරුණයෙකි.

ගාල්ල ඕපාත රජවංගල ආරණ්‍යය භුමියේ සිටි ගෝනෙකු  පසුගිය පෝය දිනයේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද සැක පහල කරන්නේ නිශාන්ත කෙනෙකි.

නමුත් එම නිශාන්තට දේශපාලන බලවතෙකු හේතුවෙන් ස්වර්ණවාහිනියෙන් පුවත් විකාශය ඔස්සේ ප්‍රබල දේශපාලඥයෙක් මෙම සිදුවීම පිටුපස ඇති බවට පමණක් සඳහන් කිරීමට වගබලා ගත්තහ.


එහි වීඩියෝව පහතින් බලන්න
 





Source: http://www.gossip9.com/2012/04/blog-post_5292.html#ixzz1rex1xbP1

Share this article with your friends