පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර ගුණරත්නම් මහතා මේවනවිට ආරක්ෂක ලේකම්වරයාගේ විශේෂ ඒකකයක් විසින් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තාවේ. ''අපි අරයව 'ඇඹිලිපිටි'අරගෙන යනවා'' යැයි කුමාර මහත්තයා අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානී එම ඒකකයට වාර්තා කර තිබේ. එහෙත් 'ඇඹිලිපිටිය' යන්න සංකේත නාමයක් බව එහි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
එහෙත් අත්අඩංගුවට ගත් එම පක්ෂයේ කාන්තා අංශයේ නායිකා දිමුතු ආටිගල මහත්මිය සම්බන්ධයෙන් මේවන තෙක් කිසිදු තොරතුරක් අප වෙත වාර්තා වී නොමැත.
අද උදැසන 4.30ට පමණ කුමාර මහත්තයා නැවතී සිටි කිරිබත්ගොඩ නිවසට අල්ලපු නිවසට පැමිණ ඇති ආරක්ෂක නිලධාරීන් පස් දෙනකු විදුලි ආලෝකය විසන්දි කර නිෂ්ශබ්දව සිටින ලෙස දැනුම් දී තිබේ. අනතුරුව ඔවුන් 5.15ට පමණ කුමාර මහතා සිටි නිවසට ගොස් තිබේ. ඊට ස්වල්ප මොහොතකට පසු එසේ පැමිණි පිරිස කුමාර මහතාද රැගෙන ගොස් ඇති බව වාර්තාවේ.
එසේම ඊයේ තලවතුගොඩ පැවති අභ්‍යන්තර සාකච්ඡාවකට සහබාගි වූ දිමුතු ආටිගල මහත්මිය රාත්‍රී 8.00 පමණ ඇය පදිංචි ගොඩගම නිවසට යෑමට සඳහා පිටත් වී ඇතත් මේවනතෙක් ඈ පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.
Source - lankanewsweb.com