Chitika Smowtion 468x60


Saturday, April 7, 2012

සංවර්ධනයට ලැබුණු මුදලින් කොටසක් ආපහු යවලා


කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය 2010 වසරේ සංවර්ධන හා ව්‍යාපෘති ප‍්‍රතිපාදනවලින් හරි අඩක් පමණ ප‍්‍රයෝජනයට නොගෙන නැවත මහාභාණ්ඩාගාරය වෙත යවා තිබේ. 2010 සැප්තැම්බර් 30 වැනිදායි අවසන් වන විවිධ සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘති සඳහා රජය විසින් ඇස්තමේන්තු ගත කොට ලබා දෙන මුදල්වලින් එලෙස අඩකටත් වඩා වැඩි ප‍්‍රමාණයක් හරවා යවා ඇත.
2010 වර්ෂයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ සඳහා ප‍්‍රතිපාදන ලෙස රුපියල් 1,527,895,000 මුදලක් ලබා දී ඇත. එම අමාත්‍යාංශය විසින් අදාළ ව්‍යාපෘතිය සඳහා යොදවා ගෙන ඇත්තේ 622,529,453ක මුදලක් පමණි. කිසිදු ව්‍යාපෘතියකට නොගෙන නැවත හරවා යැවූ මුදල 905,365,547ක් වේ. එය ප‍්‍රතිශතයක් ලෙස 59%කි. ප‍්‍රයෝජනයට ගෙන ඇත්තේ 41%පමණි.
ව්‍යාපෘති සඳහා අනුමත වූ මුදල්වලින් අඩක් නැවත හරවා යැවීම පිළිබඳ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ කාර්යක්‍ෂමතාවයෙන් පැහැදිලි වේ.

Source - lankanewsweb.com

Share this article with your friends