පසු ගිය කාලය තුළ අවිස්සාවෙල්ල - කෑගල්ල පාරේ තල්දූව පාලම අසල සීතාවක ඟගේ යම් යම් පිරිස් මැණික් ගැරීම් සිදුකර ඇත. එහි දී එම ස්ථානයේ මැණික් නිධියක් පිහිටා තිබීම හෙළිදරව්වීමත් සමඟ දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ දේශපාලනඥයන් දෙදෙනෙකු මැණික් ගැරීමට පැමිණ ඇතත් ප්‍රදේශවාසීන් ඊට විරෝධය පලකර ඇත.
මෙලෙස නීති විරෝධී ලෙස මැණික් ගැරීමට සම්බන්ධ වූ ලේකම්වරුන් දෙදෙනා සබරගමුව පළාතේ ප්‍රධාන දේශපාලනඥයන් දෙදෙනෙකුගේ ලේකම්වරුන් බව වාර්තාවේ. මොවුන් විසින් මෙම මැණික් ගැරීම සඳහා රාත්‍රී කාලයේදී කිමිදුම් කට්ටල හා අධිබලැති විදුලි පන්දම් උපයෝගී කර ගන්නා බව ප්‍රදේශවාසීහු පවසති. එමෙන්ම මෙම භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවතින සංරක්ෂිත බිමකි.
Source - lankanewsweb.com