උගත් පාඩම් හා ප්රතිසංවිධාන කොමිසම මගින් නිර්දේශ කර ඇති දේශපාලන යෝජනා ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත්, නිර්දේශ කර ඇති අනෙකුත් සියලූම කාරණා ක්‍රියාත්මක කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ. ඔහු මේ බව අවධාරණය කොට ඇත්තේ උගත් පාඩම් හා ප්රතිසංවිධාන කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ‘රාවය’ පුවත්පත කළ විමසීමකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ආරක්ෂක ලේකම්වරයා, සමහර දේශපාලනඥයන් පළාත්සභාවට ඉඩම් හා පොලිස් බලතල ඉල්ලා සිටි නමුත්, එය ලබා දීමට නොහැකි බවත්, බලය බෙදීම 13 වන සංශෝධනය හරහා දැනටමත් ක්‍රියාත්මක වන බවත් පවසා තිබේ.
උගත් පාඩම් හා ප්රතිසංවිධාන කොමිසම මගින් පැවසූ ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීම වැනි කාරණා විකාර අදහස් බවත්, එය ක්‍රියාත්මක කළ නොහැකි බවත් ආරක්ෂක ලේකම්වරයා පවසයි. ඒ හැරෙන්නට උගත් පාඩම් හා ප්රතිසංවිධාන කොමිසම මගින් පවසා ඇති පරිදි අතුරු සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීම දැනටමත් කර ඇති බවත්, මීට අමතරව පවසා ඇති රැඳවුම් භාරයේ සිටින පිරිස් නිදහස් කිරීම තමන් දිගින් දිගටම සිදු කරමින් පවතින බවත් ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත.
Source - lankanewsweb.com