එම පක්ෂයට හිතැති ජනරළ වෙබ් අඩවිය මෙසේ සඳහන් කරයි
‘‘2012 අප්‍රේල් මස 06 වැනිදා සවස සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳ පැවැත්වූ සාකච්ඡාවකට සහභාගී වූ කුමාර් ගුණරත්නම් මහතා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි පක්ෂයේ හිතවතෙකුගේ නිවසේ රාත්‍රිය ගත කර ඇති අතර එහිදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. එහෙත් එම අත්අඩංගුවට ගැනීම පිළිබඳ මෙතෙක් කිසිදු නිල නිවේදනයක් රජය විසින් නිකුත් කර නැත.‘‘
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මංගල රැළිය අප්‍රේල් 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූණි. රජයේ ආරක්ෂක අංශ විසින් කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසි නිධාරීන් 600 පමණ යොදවා තිබූ බවද නිල නොවන ආරංචිමාර්ග සඳහන් කරයි.
නමුත් මේ වනතෙක් මෙම පැහැර ගැනීමකට ලක්වූ කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල කිනම් ස්ථානයක රඳවා සිටින්නේද යන්න අනාවරණය වී නොමැති අතර මේ පිළිබඳ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණගෙන් යුක්තිය කළ විමසීමකදී ඔහු කියා සිටියේ පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගත් බවට කිසිදු තොරතුරක් තමන් වෙත ලැබී නොමැති බවයි.
දේශාපාලන විචාරකයන් කියා සිටින්නේ මෙම පැහැර ගැනීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්තාවාදී නිදහසට එල්ල කර ඇති දැවැන්ත පහරක් බවයි. පසුගිය කාලයේ සිදු වු මෙවැනි දේශපාලන පැහැර ගැනීම් සම්බන්ධයෙන් රජයේ ආරක්ෂක අංශ වෙත දිගින් දිගටම චෝදනා එල්ල වී තිබේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කිරීමට නියමිත ය.
‘‘ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් මේ වනතුරු කිසිදු තොරතුරක් වාර්තා නොවන අතර ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව බරපතළ අවදානමකට මුහුණ පා ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙන්වා දෙයි. මෙම තත්වයට අදාල හදිසි මැදිහත්වීමක් කරන ලෙසද ඔවුන් දෙදෙනා ඇතුළු ලංකාවේ ජනතාවගේ දේශපාලන හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ක්‍රියාකාරී වන ලෙසද එම පක්ෂය වැඩි දුරටත් ඉල්ලා සිටී.‘‘
2.yukthiya.com