එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව නියෝජනය කරන ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය හා දේශ විමුක්ති ජනතා පක්ෂය මෙවර වෙනම මැයිදින රැලියක් පැවැත්වීමට සැලසුම්කර තිබේ. එහි මැයිදින රැලිය කිරුලපන පිටියේ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර පෙළපාලිය ආරම්භ වන්නේ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනයෙනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අනෙකුත් දේශපාලන පක්ෂ කොළඹ නගර සභා පිටියේදී මැයි දින රැලිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එහි ශ්‍රීලනිප පෙළපාලිය බොරැල්ල කැම්බල් පිටියෙන්ද, මහජන එක්සත් පෙරමුණේ පෙළපාලිය නාරාහේන්පිටින්ද, ජාතික නිදහස් පෙරමුණේ පෙළපාලිය රාජගිරිය එන්.එම්.පෙරේරා ස්මාර්කය අසලින්ද ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
කෙසේ වුවද ආණ්ඩුව තීරණාත්මක අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවේදී ආණ්ඩුවේ එක් මැයි පෙළපාලියක් පමණක් පැවැත්විය යුතු බව අවදාරණය කර ඇති ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සන්ධානයේ අනෙකුත් පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කිරීමට ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාට දැනුම් දී තිබේ. ඒ අනුව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා ලබන 10දා පෙරවරුවේ සන්ධානයේ අනෙකුත් පක්ෂ නායකයින් මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවණාගාරයට කැඳවා තිබේ.
එදිනම පෙරවරු 9.00ට ශ්‍රී ලනිපය රැක ගැනීමේ හිටපු මන්ත්‍රීවරුන්ගේ සම්මේලනය කතානායක නිල නිවසේ පැවැත්වීමට නියමිතය.
Source - lankanewsweb.com