Chitika Smowtion 468x60


Wednesday, May 30, 2012

ඉතාලියේ භූමිකම්පා ජාලයකින් ශ්‍රී ලාංකිකයෝ 28 ක් අවතැන්


ඉතාලියේ භූමිකම්පා ජාලයකින් මේ වන විට 22 දෙනෙකු මියගොස් ඇතැයි 
අප වෙබ් අඩවියේ රෝම වාර්තාකරු පවසයි. අවතැන් පිරිස් අතර ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙක් සිටින බවත් ශ්‍රී ලාංකික මරණ වාර්තා වී නැති බවත් අප වාර්තාකරු පවසයි. මෙම භූමිකම්පා සිදුවී ඇති ප්‍රදේශය ඉතාලියේ මෝදනා නගරයට ආසන්න කුඩා නගරයක් වන මිරන්දෝලා ප්‍රදේශයේ ය.

මේ වන විට 8000 ක් පමණ දෙනා අවතැන්ව සිටිති.

අද දිනය තුල භූමි කම්පා 7 ක් පමණ සිදුවී ඇත. අවසන් භූමි කම්පා මීට මොහොතකට පෙර එනම් ඉතාලි වේලාවෙන් දහවල් 1.01 ට සිදුවී ඇති අතර එය රික්ටර් මාපක අංක 5.1 ක් ප්‍රබල භූමි කම්පා දෙකක් ලෙස සටහන් වී ඇත. ඊට මොහොතකට පෙර දහවල් 12.56 ට රික්ටර් මාපක අංක 5.3 ක් ප්‍රබල භූමිකම්පාවක් තත්පර 30 ක් පමණ වේලාවක් පැවතියේය. මෙතෙක් සිදුවූ භූමිකම්පා අතරින් අද දහවල් 12.56 ට සිදුවූ භූමිකම්පාව වඩාත් දරුණු එක විය. එය අසල්වැසි ඕස්ටි්‍රයාවට පවා දැනී තිබිණ.

අද පැවැති භූමිකම්පාවන්ගෙන් මේ වන විට 15 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙම භූමිකම්පා ආරම්භ වූයේ පසුගිය 20 දා පාන්දර 4.04 ටය. එදින භූමිකම්පාවෙන් 7 දෙනෙක් මියගියෝය.

මෙම භූමිකම්පාවන් සිදුවූ මෝදනා නගරය ආසන්නයේ ශ්‍රී ලාංකිකයන් 2000 - 3000 ක් පමණ වෙසෙන බවත් ඒ අය අතරින් 28 දෙනෙකු මේ වන විට අවතැන් වී ඇතැයිද 
අප වෙබ් අඩවියේ වාර්තාකරු තහවුරු කරයි. මේ පිරිස තමන් ශ්‍රී ලංකාවට යා යුතු බව පවසන බවද මේ වන විට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔවුන් සමග සම්බන්ධතා පවත්වන බවද පැවසේ.

අවතැන් වූ මෝදනා ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් උදව් කිරීමට මැදිහත් වන ලෙස ඉතාලියේ වෙසෙන අනෙකුත් ශ්‍රී ලාංකියන්ගෙන් සහ සංවිධාන වලින් 
අප වෙබ් අඩවිය ආයාචනා කරමු.

Share this article with your friends