Chitika Smowtion 468x60


Wednesday, May 30, 2012

මාධ්‍ය මර්දනයට හමුදාව සම්බන්ධ කෙළේ ජනාධිපති


ජෙනරාල් ෆොන්සේකා බීබීසියට කියයි !

ශ්‍රී ලංකා යුද හමුදාව මාධ්‍ය මර්දනයට සම්බන්ධ බවට ඇඟවීම් කරමින් යුද්ධය පැවති සමයේ ජනමාධ්‍යවලට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ලවූ ප්‍රහාරවලට හමුදාව සම්බන්ධ කළේ ජනාධිපති වරයා බව හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා බීබීසී ය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ. එම බීබීසී වාර්තාව මෙසේය.

බීබීසී සංදේශය සමග දීර්ඝ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ හිටපු ජනරාල් සරත් ෆොන්සේකා ඒ බව ප්‍රකාශ කළේ කීත් නොයාර් සහ නාමල් පෙරේරා වැනි මාධ්‍යවේදීන්ට එල්ලවූ ප්‍රහාරවලට යුද හමුදාව සම්බන්ධ බවට එල්ලවූ චෝදනා පිළිබඳව විමසූ අවස්ථාවේදීය.

'ඔය කොළඹ ප්‍රදේශයේ වෙච්ච පොඩි පොඩි වටිනාකමක් නැති නීති විරෝධී වැඩවලට අපට සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් තිබුනේ නෑ,' ඔහු සඳහන් කළේය.

කීත් නොයාර් මාධ්‍යවේදියා පැහැරගෙන ගොස් ඔහුට දරුණු අන්දමින් පහරදී අත්හැර දමා ගොස් තිබුණු අතර, කොළඹ පිහිටි බි්‍රතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නිළධාරියෙකුගේ වාහනයෙන් ගමන් කරමින් සිටියදී නාමල් පෙරේරා පැහැරගැනීමට දැරුණු උත්සාහයක් ව්‍යවර්ථ කෙරුණු නමුත්, එහිදී පහරකෑමට ලක්වුනු ඔවුන් දෙදෙනාම රෝහල් ගත කිරීමට සිදුවිය.

චැනල්4 චෝදනා
--------------------
මාධ්‍යවේදීන්ට එරෙහි මෙම ප්‍රහාරවලට හමුදාව සම්බන්ධ බවට චෝදනා එල්ලවූ අතර එම ප්‍රහාර හමුදා බුද්ධි අංශයේ ක්‍රියාවක් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය.

නමුත් හිටපු හමුදාපතිවරයා පවසන්නේ හමුදාවට එවැනි චෝදනා එල්ලවීමට ප්‍රධානම හේතුව වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවල කරන ලද ඇතැම් ප්‍රකාශ බවයි.

'ජනාධිපති මාධ්‍ය ප්‍රධානීන් කැඳවලා අරලිය ගහ මන්දිරේදී කියනවා සමහ වෙලාවට, 'ඕගොල්ලෝ හමුදාව එක්ක හැප්පිලා ප්‍රශ්න හදාගත්තොත් මට ඒවා විසඳන්න බෑ' වගේ වගකීම් විරහිත ජනාධිපති වරයා ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් ඒ නිසා සමහර අය හමුදාවට ඇගිල්ල දික්කලා,' සරත් ෆොන්සේකා බීබීසී සංදේශයට පැවසීය.

එම සිදුවීම් පිළිබඳව පරීක්ෂණ පවත්වා වැරදි කරුවන් සොයා ද~ුවම් පැමිණවීම ආණ්ඩුවේ වගකීම බවද ඔහු සඳහන් කළේය.

බි්‍රතාන්‍ය චැනල්4 රූපවාහිනිය මගින් විකාශනය කරන ලද යුද අපරාධ චෝදනා ඇතුලත් වීඩියෝ පට පිළිබඳව අදහස් දක්වූ සරත් ෆොන්සේකා, තමන් ඒවා දැක නැතත්, එහි අඩංගු චෝදනා ගැන පරීක්ෂණ පැවැත්වීමද ආණ්ඩුවේ වගකීමක් බව කියා සිටියේය.

විශේෂයෙන්ම අත් අඩංගුවට පත් එල්ටීටීඊ සැකකරුවන් පිරිසකගේ අතපය බැඳ දමා වෙඩිතැබීමේ චෝදනාව පිළිබඳව අදහස් දැක්වූ ඔහු එම සිදුවීම හමුදා සොල්දාදුවන් පිරිසකට එල්ටීටීඊය වෙඩි තැබීමේ සිදුවීමක් විය හැකි බවද සඳහන් කළේය.

'මොකද මගේ සෙබළුත් සියගණන් නැතිවුනා ඔය සටනේදි. ඒ සෙබළුත් අල්ලාගෙන ගියේ ත්‍රස්තවාදීන්' ඔහු පැවසීය.

'ඉතින් ඒ වගේ දේවල් ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න ඕන. කෙලින්ම හමුදාවට ඇඟිල්ල දික් කරන එක සාධාරණ නෑ,' සරත් ෆොන්සේකා වැඩිදුරටත් පැවසීය.

Share this article with your friends