Chitika Smowtion 468x60


Wednesday, May 30, 2012

ලංකාවෙන් සොයාගත් ජංගම දුරකථන මයිටාවා ලොවට හදුන්වා දීමට යයි


ජංගම දුරකතනවල වාසය කරන මයිටාවන් විශේෂයක් පිළිබඳව මෙයට පෙර අප පුවත් පල කළා.

කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසන්නේ මෙම සතුන් තවමත් වර්ගීකරණයට ලක් කරමින් සිටින බවයි. සාමන්‍යය මයිටාවන්ට වඩා මොවුන් විශාල බැවින් පර්යේෂණ සිදුකල යුතු බව ඔහු පෙන්වා දෙයි.

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන සතුන්ගෙන් බෝවන රෝග පිළිබඳව පැවැත්වෙන සමුළුවකට සහභාගිවී සිටින අනිල් සමරනයාක මහතා ලංකාවෙන් පළමුවරට සොයාගත් මෙම කෘමි වර්ගය පිළිබඳව එහිදී දැනුවත් කිරීමට නියමිතබව වාර්තා වනවා.


කෙසේ නමුත් පසුගිය දින කීපය තුල මෙවැනි දුවිලි අංශු වැනි කුඩා සතුන් තම දුරකතනයේද සිටින බවට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබුන බව ඒ මහතා සඳහන් කර සිටිනවා.










Source: http://www.gossip9.com/2012/05/blog-post_1193.html#ixzz1wKwASYIv

Share this article with your friends