Chitika Smowtion 468x60


Wednesday, May 30, 2012

‘දි අයිලන්ඞ්’ පුවත්පතට ගෝඨාගෙන් බලපෑම්


‘දි අයිලන්ඞ්’ පුවත්පත සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් වාර්තා පළ කිරීමේදී ඔහුගේ නම ඉදිරියෙන් ‘ජෙනරාල්’ සරත් ෆොන්සේකා ලෙස සඳහන් කිරීමෙන් වලකින ලෙස ආරක්‍ෂක අමාත්‍යංශය එම පුවත්පතේ කර්තෘ ප‍්‍රභාත් සහබන්දු මහතාට කිහිප වරක්ම දැනුම් දී ඇතත්, ඔහු ඒ පිළිබඳව කිසිදු ලෙසකින් මායිම් නොකිරීමත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ බලවත් කෝපයට හේතු වී ඇතැයි අප වෙත වාර්තා වේ.
ආරක්‍ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් එම පුවත්පත ප‍්‍රකාශයට පත් කරනු ලබන උපාලි පුවත්පත් ආයතනයේ සභාපති නිමල් වෙල්ගම මහතාටද දැනුම් දී ඇතත් මෙතෙක් යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නැතැයි ආරක්‍ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.
මෙම තත්ත්වය යටතේ ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනයේද සභාපතිවරයා වන නිමල් වෙල්ගම මහතා, එම ධූරයේ බලතල යොදා ගනිමින් උපාලි පුවත්පත් ආයතනයට ලබාදෙන මූල්‍ය අනුග‍්‍රහයන් පිළිබඳව සොයා බලා තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා ටෙලිකොම් ආයතනයේ ප‍්‍රධානියෙකුට දැනුම් දී ඇත.
නිමල් වෙල්ගම මහතාගේ සමීපතම හිතවතෙකු වන දිවයින පුවත්පත් ආයතනයේ ලිපි සම්පාදක මනෝජ් අබේධීර මහතා, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අනාගත රාජ්‍ය නායකයා කිරීමේ මෙහෙයුම් කමිටුවේ ප‍්‍රධානියෙකු වීමද ආරක්‍ෂක ලේකම්වරයාගේ සැකයට බදුන් වී තිබේ. මීට කලකට ඉහතදී මනෝජ් අබේධීර මහතා ආරක්‍ෂක ලේකම්වරයාට සමීප මාධ්‍යවේදියෙකුව සිටියේය.


Source - lankanewsweb.com

Share this article with your friends