Chitika Smowtion 468x60


Wednesday, May 30, 2012

ජෙනරාල් සුදු කොඩි නඩුවේ දඩ මුදල ගෙවයි: තීන්දුව පිළිගැනීමක් ද?

ජනාධිපති කොන්දේසි මත නිදහස් කෙරුණු හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සුදු කොඩි නඩුවෙන් නියම වු රුපියල් 5000 ක දඩ මුදල අද කොළඹ මහාධිකරණය වෙත ගෙවා තිබේ. අදාල නඩුවෙන් වරදකරු කෙරුණු ෆොන්සේකා මහතාට වසර 03 ක සිර ද~ුවමක් සහ රුපියල් 5000 ක දඩයක් නියම වී තිබිණ. එම ද~ුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බැවින් එකළ එම දඩ මුදල ගෙවා තිබුනේ නැත.

සමාව දීමේ කොන්දේසි අනුව සරත් ෆොන්සේකා මහතාගේ නීතිඥයන් විසින් අභියාචනය ඉල්ලා අස්කර ගැණින. ඒ අනුව අද ෆොන්සේකා මහතා අදාල දඩ මුදල කොළඹ මහාධිකරණයට ගෙවීය. ජනාධිපතිගේ සමාව දුන් ක්‍රමය වී තිබුනේ ඉදිරිකාලයේ සිර ද~ුවම් ඉවත් කිරීම පමණි.

නඩු තීන්දු වලින් නිදොස් කොට නිදහස් කිරීමක් ඉන් සිදුවුයේ නැත. ෆොන්සේකා මහතා මෙසේ දඩ මුදල් ගෙවීම නිසා ඔහු එම තීන්දුව පිළිගැනීමක් මෙයින් සිදුවන බව නීතිවේදීන්ගේ මතයයි.

ෆොන්සේකා මහතා පවරා තිබූ අභියාචනා ඉල්ලා අස් කර නොගන්නා ලෙස හිටපු අගවිනිසුරුවරයා පවා උපදෙස් දී තිබූ නමුත් සාකච්ඡාකාර ටිරාන් අලස් මහතාගේ බල කිරීම මත අභියාචනා ඉල්ලා අස්කර ගැනීමට සිදුවූ බව නීතිඥ ආරංචි මාර්ග පවසයි.











Source - http://www.facebook.com/lankaenews

Share this article with your friends