Chitika Smowtion 468x60


Wednesday, May 30, 2012

පවරා ගත් සෙවනගලේ සීනි ටොන් 600 කට මොකදවුනේ?


දයා සමූහ ව්‍යාපාරයට අයත්ව තිබී ඌණ උපයෝජිත පනත යටතේ ආණ්ඩුවට පවරා ගැනීමෙන් පසුව මේ වන තෙක් සෙවනගල සීනි කම්හලේදී උක් ටොන් 14,000ක් අඹරා ඇතත්, එමකම්හලෙන් වෙළෙඳ පොට නිකුත් කර ඇත්තේ සීනි ටොන් 380ක් පමණි.

එහෙත්, එවැනි උක් ප්‍රමාණයකින් සාමාන්‍යයෙන් සීනි ටොන් 1,120ක් නිපදවිය හැකි බව දයා සමූහ ව්‍යාපාරයේ සභාපති දයා ගමගේ මහතා පැවසීය.

මේ බව එම කම්හලේ සේවකයින් ද තහවුරු කර සිටින අතර, ඔවුන් පවසන්නේ, රු. මිලියන 54ක් වටිනා සීනි ටොන් 600ක් පමණ හොර පාරෙන් කම්හලෙන් පිට කොට ඇති බවයි.

මෙම වංචාව පිටුපස ආණ්ඩුවේ ඇමතිවරුන් දෙදෙනෙකු සිටින අතර, ඉන් එක් අයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ අයෙකු බව වාර්තා වේ.
දයා සමූහ ව්‍යාපාරය යටතේ පාලනය වූ කාලයේදී සෙවනගල සීනි කම්හල ලාභ ඉපැයූවද, දැන් සේවකයින්ගේ වැටුප් ගෙවීම සහ උක් මිලදී ගැනීම වැනි කටයුතු සඳහා පවා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගැනීමට සිදුව ඇත.

මෙම කම්හල ද මහජනතාවගේ මුදලින් යැපෙන, මහජනතාවට බරක් වන තවත් එක් රාජ්‍ය ආයතනයක් බවට මේ වන විට පත්ව ඇතැයි එහි සේවකයෝ පවසති

Share this article with your friends