Chitika Smowtion 468x60


Wednesday, May 30, 2012

ඉන්දීය නිළියන් නරඹා ගන්න මෝඩ චූන් වෙනුවෙන් මහජන මුදල් කෝටි ගණනින් විනාස කරයි


මේ දිනවල රාජපක්ෂ පුත්‍රයන්ගේ සතුට වෙනුවෙන් තරඟ කරන කාල්ටන් සුපර් සෙවන් රගර් තරඟාවලිය චමත්කාර කිරීමට ඉන්දියාවෙන් ගෙන්වනු ලබන එක ඉන්දීය බොලිවුඩ් තරුවක් සඳහා රුපියල් කෝටියක් ගෙවන බව 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ. 

ප්‍රීති සින්ටා, විවේක් ඔබ්රෝයි, බිපාෂා බාසු, සමීරා රෙඩ්ඩි ඇතුළු බොලිවුඩ් තරු 5 ක් සඳහා කෝටි 5 ක් ගෙවීම් කර තිබේ.

මෙම ගෙවීම එම තරුවකට අතට ගෙවන මුදල පමණි. මීට අමතරව ඔවුන් වෙනුවෙන් ගුවන් ටිකට් පත් සහ නැවතීමේ හෝටල් ආහාර පාන වියදම් වෙනම වියදමක් වේ. එයද ඉතා විශාල වියදමක් වන්නේ මේ එක් තරුවක් සඳහා පරිවාර සේවක සේවිකාවන් 15-20 ක් පමණ පැමිණ ඇති බැවිනි. එවිට ගුවන් ටිකට්, ඉඳුම් හිටුම් සහ ආහාර පාන සැපයිය යුතු අවම පිරිස සියයක් පමණ ය.

මෙම වියදම දරන්නේ රජයට පවරා ගත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ආයතනය ය.

මෙම තරු පැමිණියා කියා මෙම තරඟ බැලීමට වැඩියෙන් සෙනග පැමිණීමක් ද සිදුව නැත. සමහර තරු ඉන්දියාව දන්නවා වූවාට ලංකාවේ බල්ලෙක්වත් ගණන් ගන්නේ ද නැත. එදා වේල සරි කර ගැනීමට නොහැකිව සිටින ලංකාවේ මිනිසුන්ට ප්‍රීති සින්ටා බැලූවා කියා ලැඛෙන මගුලක් ද නැත.

මෙම මහජන මුදල් ලංකාවේ රගර් ක්‍රීඩාව වෙනුවෙන් වියදම් කෙරෙනවා නම් අඩුම ගණනේ එහි ප්‍රතිඵලයක් ඇත.

ඉන්දීය නළු නිළයන් ගේ රූපය නැරඹීමෙන් රාජපක්ෂ පුතුන් ලබන තුප්පහි ආතල් එක වෙනුවෙන් මහජන මුදල් කෝටිගණනින් මෙසේ විනාශ කිරීම සහගහන අපරාධයකි.

Share this article with your friends