Chitika Smowtion 468x60


Wednesday, May 30, 2012

කුඩා තේවතු හිමියන් විනාශ කරන ගමනක් ආණ්ඩුව යන්නේ


අද වන විට කුඩා තේවතු හිමියන් බරපතල ගැට`ඵ ගණනාවකට මුහුණපාමින් සිටිනවා. අපේ රටේ ජාතික තේ නිශ්පාධනයෙන් 76% සිදුවන්නේ කුඩා තේවතුවලිනි. මාතර, දෙනියාය, ගාල්ල, රත්නපුරේ, ආදී ප්‍රදේශවල මෙය වැඩි වශයෙන් ව්‍යාප්තව පවතිනවා.
කුඩා තේවතු ජීවනෝපාය කර ගනිමින් පවුල් ලක්ෂ 5 (30%ක්) ආසන්න ප්‍රමාණයක් ජීවත්වන අතර තේ කිලෝග්‍රෑම් මිලියන 300ක් පමණ සපයනවා. රටේ ජනගහනයෙන් සැපකිය යුතු පිරිසක් ජීවත්වන්නේ මෙම ආදායමෙන්. රටට මිලියන ගණනින් ආදායම් උපයා දෙනවා. අපි අරගල කරල රුපියල් 5000ට තිබුන පොහොර මිටිය 1000ක් කර ගත්තා. ඒකට මහින්ද චින්තනය කියල ලේබල් ගහල එවනව. ඒව බාල පොහොර. ඒව වගාවට දැම්මම ගස් මැරෙනව.
අපේ තේ කර්මාන්තය ආරක්ෂා කර ගන්න කියල අපෙන් සෙස් මුදලක් අය කරනව. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දේශීය ආදායම් මාර්ග උහුරුවමින් ඉන්නව. කර්මාන්තයක් වෙනුවෙන් 90%ක් දේශීයවම අමුද්‍රව්‍ය හොයා ගන්න එකම කර්මාන්තය තේ කර්මාන්තයයි. ඇඟළුම් කම්හලක් ගත්තත් ඒකෙ ඉඳිකට්ටෙ නූලෙ ඉඳල සිය`ඵම දේ ගේන්නෙ පිටරටින්. අපේ තියෙන්නෙ ශ්‍රමය විතරයි. තේ කර්මාන්තයේදී ඒක එහෙම නැහැ. තේ වවන මහ පොළොවෙ ඉඳල සියල්ල අපේ. අපේ නිශ්පාදන, අපේ අමුද්‍රව්‍ය. ඒ නිසා ආණ්ඩුව මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතුව තිබුනත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කුඩා තේවතු හිමියා විනාශකරමින් යන ගමනක් තමයි යමින් ඉන්නෙ. දැනට අපි ප්‍රධාන වශයෙන් හඳුන ගත්ත කරුණු 4ක් තියෙනව

01. නිශ්පාදන වියදම් 60%ක් ලබා ගැනීම.
02. ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා ගැනීම.
03. සෙස් අරමුදල කුඩා තේවතු කර්මාන්තය වෙනුවෙන් නිසි ආකාරයට යොදවා ගැනීම.
04. තේ ද`ඵ සඳහා නිසි මිලක් දිනා ගැනීම.
වියට්නාමෙ, චීනෙ, ඉන්දියාවෙ තේ කර්මාන්තය රැකගන්න විශාල වැඩ කොටසක් කරනවා.
අපිට මතකයි අපි සමාජ අධ්‍යයනය ඉගෙන ගන්නකොට 7,8,9, වසරවලදී අපේ රටේ ප්‍රධාන ආදායම් උපදවන මාර්ග මොනවද කියල අහනකොට අපි කියන්නෙ තේ, පොල්, රබර්, මේ වෙන කොට තේ වැටිල තියෙන්නෙ තුන්වෙනි තැනට. ඒ නිසා අද කුඩා තේවතු හිමියන් මේ කර්මාන්තයෙන් ඉවත්වීමේ අවධානමක්ද පවතිනවා.
අපි මේ ආණ්ඩුවට අවධාරණය කරල කියනවා කිරි ගොවිය මහපාරට කිරිහැ`ඵව වගේ, බිත්තර ගොවිය මහ පාරෙ බිත්තර හැ`ඵව වගේ, එලව`ඵ ගොවිය මහ පාරෙ එලව`ඵ හැලූව වගේ, කෙසෙල් ගොවිය මහපාරේ කෙසෙල් හැලූව වගේ, අපි තේ ගස්ටික ගලවගෙන ඇවිත් කොළඹ පාරවල් වහන තත්වයට පත්කරන්න එපා කියල.
අපෙන් සෙස් මුදල අය කරන්නෙ 2004 ඉඳල මෙය අයකරනකොට කිව්වෙ තේ කර්මාන්තයේ උන්නතිය උදෙසා මේ මුදල අය කරන බවයි. අනාගතයේදී තේ කර්මාන්තයේ ආරක්ෂාව වෙනුවෙන් මේක අය කරන බවයි.
මෙය අය කරන මුදල තුනට ඛෙදෙනව
01. තේ සංවර්ධන මණ්ඩලයට
02. තේ පර්යේෂණ ආයතනයට
03. කුඩා තේ සංවර්ධන අධිකාරියට
නමුත් මේ වෙනකොට එහි ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් අඩපණවෙලා තියෙන්නේ. සෙස් මුදල නාස්තිකාරී ආකාරයට විනාශකරමින් තියෙනවා පසුගිය වසරවල විගණන වාර්තා අරගෙන බැ`ඵවොත් දැකගන්න පු`ඵවන් වෙනව සෙස් මුදල් විනාශ කර තිඛෙන ආකාරය.
අපි වසර 10-12ක් තේ ගහට ජීවිතය යටකරනව. ඒක රටට ආදායමක් වගේම විශාල පිරිසකගෙ ජීවනෝපායද වෙනවා. පැය 24රම තේ වගාව වෙනුවෙන් තමයි තම ජීවිතය කැප කරමින් ඉන්නෙ.
උදේට තේ නෙලනව, හවසට තේ නෙලනව. රාත්‍රියට ද`ඵ සුද්ද කරනව, දවල්ට තේ ටික කර්මාන්ත ශාලාවට රුගෙන යනව. අපේ ජීවිතේ කියන්නෙ තේ.
අපි අපේ අයිතිය වෙනුවෙන් අරගලයට බහින්නේ පවුල් පිටින්. ආණ්ඩුව තව දුරටත් අපිව නොසලකා හරිනවනම් ඒකට මුහුණ දෙන්න ආණ්ඩුවට ලෑස්තිවෙන්න වෙයි කියන අවධාරණයත් මේ වෙලාවෙ අපි කරනවා.
ටී.කේ. ජයසුන්දර (කුඩා තේවතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක)
ඉන්ධන, විදුලිය, ජලගාස්තු ඉහළයාමත් සමග තේ කර්මාන්තයේ යෙදෙන කම්කරුවන්ගේ පඩිය වැඩිවෙලා තියෙනව. 2010දි 300වූ දිනක වැටුප 2012 වෙනකොට 500ක් වෙලා තියෙනව. එතකොට දිනකට රුපියල් 15-25ත් අතර මුදලක් වැටෙනව. දිනකට එක් අයෙක් නෙලන්නේ තේ කිලෝ ග්‍රෑම් 20-25ක් වගේ ප්‍රමාණයක් තේ කිලෝ එකකකට ඉතාම ඉහළ මට්ටමේ කර්මාන්ත ශාලාවකදී ගෙවන්නෙත් රුපියල් 65ක් 70ක් වගේ මුදලක්. පහතරට සහ උඩරට තේවලට මීටත් වඩා අඩුවෙන් තමයි ගෙවන්නෙ.
ඩොලරයට සාපේක්ෂව රටේ සිය`ඵම බඩුවල මිල ඉහළ යද්දි තේ දල්ලෙ මිල විතරක් එහෙමම තියෙනව. එහෙම වෙන්නෙ කොහොමද ?
තේ දල්ල වවල, නෙලල, කන්ද උඩ ඉඳල බොහෝම දුක් විඳල පහළට ගෙනල්ල කර්මාන්ත ශාලාවට දීල නැව් නග්ගල පිටරට වෙළඳපොළට යන තුරු ප්‍රධාන වශයෙන් අංශ 4ක් තියෙනව. ඒ තමයි කුඩා තේවතු හිමිය, පැක්ටරි හිමිය, තැරැව්කරුව, අපනයන කරුව යන අංශ 4. මේකෙන් අධිකම ලාභය ලබන්නේ තැරැව්කරුවා සහ අපනයනකරුවා. අඩුම තරමේ ආණ්ඩුව දන්නෙවත් නෑ මේ මුදල කොච්චරක්ද කියල. මේවට මොනවද වෙන්නෙ කියල. මේකෙ පීඩනය දෙන්නෙ සහ දැනෙන්නෙ කුඩා තේවතු හිමියට.
අපි තේ ද`ඵ ටික දීල මාස දෙකක් විතර ගියාට පස්සෙ තමයි දන්නේ අපි දීපු තේ ද`ඵ ටික ගත්තෙ කීයටද කියල. මේක මහ සෝචනීය තත්වයක්. ඒකයි අපි කියන්නෙ මේ ආණ්ඩුව අපිව ආරක්ෂා කරන්න මැදිහත්වෙන්නෑ කියල.
විජිත කරුණාරත්න (කුඩා තේවතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ක`ඵතර දිස්ත්‍රික් සංවිධායක) පොහොර දැමීමේදී අපට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ පුදුම ගැට`ඵවක්. පොහොර දැම්මත් අමාරුවෙ නොදැම්මත් අමාරුවේ.
පොහොර දැම්මම ගහවටේට බිම මඩ වෙනව. කොළ ඇදෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට කඳ විතරක් මහත්වෙනව. මලකඩ රෝගය බෝ වීම අධික වෙලා. මේ පොහොර ප්‍රමිතියෙන් තොරයි. සහනාධාරයත් 1000ට දුන්නෙ ටික දවසක් විතරයි. දැන් ඒක 1300 කරලා ඒත් දෙන්නෙ බාල පොහොර. ගුණාත්මක භාවයෙන් තොරයි.
තේ පර්යේෂණ ආයතනයට හෝ ඊට අදාල කුමන රජයේ ආයතනයට කිවුවත් වැඩක්නෑ. මොකද මේ ගොල්ලන්ට ෙක‍ෂ්ත්‍රයේ ඇවිදල බලල වැඩකරන්න වාහන නෑ. ඉන්ධන දෙන්නෑ. පරීක්ෂණ කරන්න ඕන කරන පහසුකම් නෑ. ඒ මහත්තුරු එහෙමයි කියන්නෙ. අඩුම තරමෙ මේ කර්මාන්තයට වග කියන්න ඉන්න ඇමති කවුද? ඇහැක් අරලවත් අපි දිහා බලන්නෑ. අපි ආණ්ඩුවට අවධාරණය කරල කියනව අපේ මේ ප්‍රශ්න වලට විසඳුම් නොදුන්නොත් අපි පාරට බහිනව, අරගල කරනව. හිතන්න එපා මේ කුඩා තේ වතු හිමියා කින්නේ කුඩා කණ්ඩායමක් කියල. අපි අපේ ජීවන සටන වෙනුවෙන් පාරට බහින්න සූදානම්.
පුෂ්ප දිසානායක (කුඩා තේවතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක) නැවත වගාව සඳහා රුපියල් 150,000ක් පමණ යනවා. නමුත් දෙන්නෙ සොච්චම් මුදලක්. පැල ගලවන්න, බිම සකස් කරන්න, නැවත පැල හිටවන්න ආදී ක්‍රියාවලියට රුපියල් 150,000ක් පමණ වැය වෙනවා. සහනාධාරයක් හැටියට ලක්ෂ දෙක තුනයි දෙන්නෙ. ඒත් හේක්ටයාරයකට අඩු බිමකට. මේක මදි. අපි අපේ භාර්යාවන්ගේ කන කර උගස්තියල, ඉඩම් උගස්තියල තමයි මේ මුදල් හොයා ගන්නේ.
හෙක්ටාරයකට අඩුවෙන් බිම් තියන තේ වතු හිමියන් ලක්ෂ 03කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා.
දැන් මේ වගාවෙන් තරුණ පරම්පරාව ඈත් වෙමින් ඉන්නවා. මේක මහ කටුක දෙයක් බවට පත්වෙලා. එන්න එන්නම තේ කර්මාන්තය කඩා වැටෙනවා.
දැන් ආණ්ඩුව යෝ්ජනා කරමින් ඉන්නව සිලෝන් ටීවලට පිට රට තේ ගෙනත් කළවම් කරල මෙරටදී පැකැට් කරල විකුනන්න. ඇඟළුම් කම්හලක තත්වය පත්කරල සිලොන් ටී නාමය විකුනගෙන කන්න මේ හදන්නේ.

- ලාල් ප්‍රේමනාත්


Source - lankanewsweb.com

Share this article with your friends