Chitika Smowtion 468x60


Tuesday, May 22, 2012

හොල්සිම් ආයතනයේ රු.මිලියන 858ක් අතුරුදහන්


ශ‍්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදන ආයතනය වන හොල්සිම් සිමෙන්ති සමාගමේ රුපියල් මිලියන 858ක මූල්‍ය වංචාවක් සිදු වී තිබේ. පසුගියදා සිදු කරනු ලැබූ සිමෙන්ති තොග ගණනයේදී ඉහත සඳහන් මුදලට අදාළ සිමෙන්ති කොට්ට ප‍්‍රමාණය අතුරුදහන් වී ඇතැයි හෙළිවි තිබේ.
හොල්සිම් සමාගමේ මාසිකව දේශීය වෙළෙඳපොළට සිමෙන්ති ටොන් ලක්‍ෂ 120ක් නිෂ්පාදනය කරනු ලබයි. මෙහිදී කිලෝ 50ක සිමෙන්ති කොට්ට 20ක් ටොන් එකක් ලෙස ගණනය කෙරේ. මේ වන විට තොග වෙළෙඳපොලේ හොල්සිම් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 750කි. සිමෙන්ති බෙදා හැරීමේදී හා ගබඩා කිරීමේදී මෙම වංචාව සිදු වී ඇතත්, ඊට අදාළ වගකිවයුත්තන් සොයා බැලීම පාලනාධිකාරිය විසින් නොසලකා හැර තිබේ. තවද මීට වගකිවයුතු නිලධාරීයාට පසුගියදා උසස්වීමක් ද ලබා දී ඇත.

Share this article with your friends