වෙනත් දිස්ත‍්‍රික්කවලින් එම දින දෙකට අනුරාධපුරයට අනුයුක්ත කර සිටි ශ‍්‍රීලනිප මහජන නියෝජිතයින් හා ක‍්‍රියාකාරිකයින් එම දිස්ත‍්‍රික්කයේ ඡුන්දපොළ මධ්‍යස්ථානයකට දෙදෙනෙකු වශයෙන් පත් කර තිබේ. ඒ අනුව ඔවුන් තම තමන්ට පැවරුණු ඡන්ද පොළ මධ්‍යස්ථාන බලප‍්‍රදේශවල ගෙයින් ගෙට ගොස් ජනතාවගෙන් තොරතුරු විමසා, ඒවා සටහන් කර දීමට තිබූ පිටු 07ක පෝරමයේ අදාළ විස්තර ඇතුළත් කර තිබේ.
මෙම සමීක්‍ෂණයේදී අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ බහුතරයක් ජනතාව, විශේෂයෙන් ‘මායිම් ගම්මානවල ජනතාව’ ජනාධිපතිවරයා කෙරෙහි පැහැදීමකින් කතා කර ඇති නමුත්, අදාළ ආසන සංවිධායකයින්ගේ හා රජයේ නිලධාරීන්ගේ ක‍්‍රියාකලාප දැඩි ලෙස විවේචනය කර තිබීමත්, ඔවුන්ගේ දුර්වලතා හා නොහැකියාවන් ප‍්‍රකාශ කර තිබීම හේතුවෙන් ආසන සංවිධායකයින් එසේ සමීක්‍ෂණ පත‍්‍රිකා පැහැර ගෙන ඇත්තේ, ඒවා පිළිවෙළකට සකසා පක්‍ෂ මූලස්ථානයට භාර දෙන බව පවසමිනි. විශේෂයෙන් හොරොව්පතාන ආසනයේ සංවිධායක අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඔහුගේ ආසනයට අදාළ සමීක්‍ෂණ කටයුතු කළ පුද්ගලයින් 08 දෙනෙකුගෙන් පමණ අදාළ සමීක්‍ෂණ වාර්තා ලබා ගෙන ඇත්තේ ඔවුන්ගේ අත්සන් ද බලහත්කාරයෙන් ලබා ගනිමිනි.
මෙම තත්ත්වය යටතේ අනුරාධපුර ආසන සංවිධායකයින් විසින් පක්‍ෂ මූලස්ථානය වෙත ඉදිරිපත් කෙරෙන සමීක්‍ෂණ වාර්තා පිළිගත නොහැකි තත්ත්වයක් මතු වී ඇත.
අනුරාධපුර ප‍්‍රතිසංවිධාන වැඩසටහනට එක්වූ මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගම් මට්ටමින් දියවී යමින් පවතින බවයි. ගම්බද ජනතාව පවා දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බවත්, එය ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යයට හිතකර තත්ත්වයක් නොවන බවත්, එම මැති ඇමතිවරුන්ගේ අදහස වී ඇත.
Source - lankanewsweb.com