හිටපු යුධහමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද සවස 6.30ට පමණ මහානායක හිමිවරුන් හමුවීමට පැමිණ අනතුරුව ශ්‍රී දළදා සමිදුන් වැද පුදාගත්තා.
රිය පෙරහරකින් ෆොන්සේකා මහතා මහනුවර බලා පැමිණෙන තෙක් මහනුවර ඔර්ලෝසු කණුව අසල අති විශාල පිරිසක් රැස්ව සිටි අතර පැමිණෙන විටදී රතිඤ්ඤා පත්තුකරමින් ෆොන්සේකා මහතාට උණුසුම් පිළිගැනීමක් ලැබුණා. එහිදී ෆොන්සේකා මහතා රැස්ව සිටි පිරිසට ආචාර කරණු ලැබුවේ රථයේ යන ගමන්මයි.
තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහා නාහිමියෝ හමුවූ අවස්ථාවේ වෙනත් බොහෝ දෙනා යුද්ධය මුදල් ඉපැයිමේ ආදායම් මාර්ගයක් කර ගත්ත ද ෆොන්සේකා මහතා අවංකවම තම රාජකාරිය ඉටුකළ පිරිසුදු මිනිසෙක් බව පැවසුවේ "ඔබ යුද්ධයෙන් මුදල් හම්බකළේ නැහැ. ඔබ හම්බ කෙළේ මිනිස්සු ඒ නිසායි ඔබට මේ තරම් මිනිස්සු ගෞරව කරන්නේ" යනුවෙනි.
ෆොන්සේකා මහතා පැවසුවේ "සත්‍ය ජයගත්තා මම ඉදිරියේ දී රටට අවංකවම සේවය කරනවා" යනුවෙනි
මහනුවර නගරයට සරත් ෆොන්සේකා මහතා පැමිණි අවස්ථාවේ ඉතා උණුසුම් ලෙස ජනතාව ඔහුව පිලිගත් වීඩියෝ හා ජායාරූප පහතින්.
සරත් ෆොන්සේකා මහතා මහනුවරට ලඟාවූ මොහොතේ ඉතා උණුසුම් ලෙස ජනතාව ඔහුව පිලිගත් ආකාරය.

Source: http://www.gossip9.com/2012/05/blog-post_5982.html#ixzz1vcKOhXKh