ජේතවනාරාමය හා අභයගිරිය චෛත්‍ය යළි පිරිසකර කිරීමේ කටයුතු සඳහා ප‍්‍රමිතියෙන් යුතු ගඩොල් නිෂ්පාදනය කිරීම සඳහා මෙම පෝරණුව ඉදිකරනු ලැබුවේ යුනිස්කෝ ආධාර යටතේය. මෙවැනි දැවැන්ත චෛත්‍යයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය කිරීම සඳහා මෙම ගඩොල් පෝරණුව නිර්මාණය කර ඇත්තේ එවකට සංස්කෘතික ත‍්‍රිකෝණයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්ව සිටි ආචාර්ය රොනල්ඞ් සිල්වා මහතාගේ සැලසුමක් අනුවය.
ජනාධිපතිවරයාගේ නියමය මත රණවිරු සෑය ඉදිකිරීමට තීරණය කිරීමත් සමඟ මෙම ගඩොල් පෝරණුව හා අක්කර ගණනක ඉඩම ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන සිවිල් ආරක්‍ෂක බලකාය වෙත පවරා තිබේ.
එසේ පවරා ගන්නා අවස්ථාව වන විට ජේතවනාරාම චෛත්‍ය පිළිසකර කිරීමට අවශ්‍ය ගඩොල් නිෂ්පාදන කටයුතු අවසන් කර තිබූ අතර, අභයගිරියට අදාළ ගඩොල් ටෙන්ඩර් කැඳවා ගොඩපෝරණුවලින් ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා සංස්කෘතික ත‍්‍රිකෝණයේ නිලධාරීන්ට දැනුම් දී තිබිණ. මෙම තත්ත්වය යටතේ ගල්කඩවල දැවැන්ත පෝරණුව පිටස්තර පුද්ගලයින්ට ඇතුළුවීම මුළුමනින්ම තහනම් කර ඇති අතර, විශේෂ අවස්ථාවලදී පෝරණුවේ රාජකාරී සඳහා යොදවා ඇති ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නම් කරනු ලැබූ පුද්ගලයින් පමණකි.
ඒ අනුව පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම විවිධ ප‍්‍රදේශවලින් ගෙන එන තරුණයින්ගේ මළ සිරුරු ගණනාවක් ම මෙම පෝරණුවේ දමා පුළුස්සා තිබේ. මෙම පෝරණුව මාස ගණනක් එක දිගට ක‍්‍රියාත්මක වන හෙයින් මළ සිරුරක සලකුණක් හෝ සොයා ගැනීමට නොහැකි වීම මළ සිරුරු පිළිස්සීමට එම පෝරණුව යොදා ගැනීමට හේතු වී තිබේ.
Source - lankanewsweb.com