එහෙත් එම නිදහසට අදාළව දේශපාලනය කිරීමට අවහිරවනසේ කොන්දේසි පනවා ඇත්දැයි මෙතෙක් වාර්තා වී නැත. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා මාධ්‍ය වෙත ප‍්‍රකාශ කොට ඇත්තේ ෆොන්සේකා මහතා නිදහස් කිරීමේදී ඔහුගේ දේශපාලන කටයුතුවලට බාධාවන කිසිදු කොන්දේසියක් පනවා නොමැති බවයි.
එම අරමුණ වෙනුවෙන් තවත් වසර දහයක් හෝ ජීවිතාන්තය දක්වා හෝ හිරදඬුවම් විදීමට තමා සූදානම් බව අවධාරණය කර සිටි ෆොන්සේකා මහතා, ජනතාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කිරීමට වුවද තමා සූදානම් බව පැවසීය. ජනතාව දුකට පත්ව ඇති ආණ්ඩුව පලවා හැරීම සඳහා තමා සමඟ අත්වැල් බැඳගන්නා ලෙසද ෆොන්සේකා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
මෙම අවස්ථාවක ෆොන්සේකා මහතාගේ පක්ෂයේ මන්ත‍්‍රීවරුන් වන අර්ජුන රණතුංග, ටිරාන් අලස් හා ජයන්ත කැටගොඩද ඇතුළු ක‍්‍රියාකාරිකයින් මෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය, පාලිත රංගේ බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම, බුද්ධික පතිරණ, සුජීව සේනසිංහ යන එජාප මන්ත‍්‍රීවරුන්ද, ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් යන මන්ත‍්‍රීවරු දෙදෙනාද පැමිණ සිටියහ.
ඉදිරියේදී ෆොන්සේකා මහතාගේ ප‍්‍රධානත්වයෙන් විපක්ෂයේ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට මේ වනවිට සැලසුම් කර තිබේ. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක්ද එක්වීමට නියමිතය. එම නව දේශපාලන ව්‍යාපාරය විසින් ලබන මාසයේ සිට ෆොන්සේකා මහතාගේ ප‍්‍රධානත්වයෙන් දිස්ත‍්‍රික් මට්ටමෙන් ජනරැුලි සංවිධානය කිරීමට තීරණය කර තිබේ.
ෆොන්සේකා මහතා කිසිදු අවස්ථාවක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධානයකට එක් නොවන බව ඔහුගේ පක්ෂයේ ප‍්‍රධානියකු අප කළ විමසීමකදී අවධාරණය කර සිටියේය.
Source - lankanewsweb.com