Chitika Smowtion 468x60


Tuesday, May 22, 2012

ජෙනරාල් නිදහස් කිරීමට ගෝඨා එකඟවී නෑ


සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සඳහා තමන්ට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දිගින් දිගටම බලපෑම් කරන බවට ජනාධිපතිවරයා පසුගිය සතියේ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමුවේ කළ ප‍්‍රකාශය අමූලික බොරුවක් බව අප දැඩි වගකීමකින් යුතුව ප‍්‍රකාශ කර සිටිමු.
එම ප‍්‍රකාශය කරන අවස්ථාවේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ අසල සිට ඇතත්, ඔහු ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයට කිසිදු අනුකූලතාවයක් නොදක්වා අවඥාවෙන් යුතුව ඉවත බලාගෙන ඇත.
ෆොන්සේකා මහතා නිදහස් කිරීමේ තීරණයට ජනාධිපතිවරයා, ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිහඬකරවාගෙන ඇත්තේ, ෆොන්සේකාව අවමානයට ලක්කොට, අමතක නොවන පාඩමක් උගන්වන බව පවසමිනි. වැඬේ අවසන් වන තෙක් නිහඬව ඉන්නැයි ජනාධිපතිවරයා ඔහුගෙන් ඉල්ලා තිබේ.
එහෙත් පසුගිය සතියේදී ෆොන්සේකා මහතා කෙරෙහි පවතින ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ විරෝධය ප‍්‍රදර්ශනය වී ඇත. ෆොන්සේකා මහතා බැලීමට පසුගියදා එජාප මන්ත‍්‍රීවරයෙකු නවලෝක රෝහලට පැමිණ ඇති අතර, ඔහුට ඒ සඳහා අනුමැතිය දීම පිළිබඳව කෝපයට පත් ආරක්‍ෂක ලේකම්වරයා අදාළ බන්ධනාගාර අධිකාරීවරයාට දැඩි ලෙස බැණ වැදී තිබේ. තවමත් ෆොන්සේකා නිදහස් කර නැති බව හොඳින් දැන ගන්නැයි ආරක්‍ෂක ලේකම්වරයා මෙම නිලධාරියාට දැඩි ලෙස ප‍්‍රකාශ කර තිබේ.
තමන්ගේ සමීපතම හිතවතෙකු වන දෙරණ මාධ්‍ය ආයතනය අධිපති දිලිත් ජයවීර මහතා, ෆොන්සේකා මහතා නිදහස් කරන බවට වූ ප‍්‍රවෘත්තිවලට පුළුල් ප‍්‍රචාරයක් ලබා දීමට ආරක්‍ෂක ලේකම්වරයාගේ නොසතුට හේතු වී ඇතැයි වාර්තා වේ. ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු දිලිත් ජයවීර මහතාගේ දෙබිඩි චරිතය පසුගියදා ආරක්‍ෂක ලේකම්වරයාට පැහැදිලි කර දී ඇත. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් විශාල වගකීමක් දැරූ දිලිත් ජයවීර මහතා, තීරණාත්මක අවස්ථාවේදී බිරිඳට අසාධ්‍ය බව කියමින් සිංගප්පූරුවට පලා ගියේ ෆොන්සේකා මහතා සමඟ ඇති කර ගත් එකඟතාවයෙන් බව තහවුරු වී ඇතැයි එම නිලධාරියා ආරක්‍ෂක ලේකම්වරයා අවධාරණය කර ඇත.

Source - lankanewsweb.com

Share this article with your friends