Chitika Smowtion 468x60


Tuesday, May 22, 2012

කැබිනට් හමුවේදී ජනපති සතුටින්


මෙවර කැබිනට් මණ්ඩල හමුව පැවැත් වුනේ අරලියගහ මන්දිරයේ දී. ඒ ජනාධිපති තුමන්ගේ ප්‍රධාණත්වයෙන් පසුගිය බදාදා දිනයේ දී.

වෙනදාට වඩා සතුටින්, සැහැල්ලුවෙන් සහ විනෝදයෙන් සිටි ජනාධිපති තුමන් එහිදී ඇමති වරුන් හට පැවසුවේ අළුතින් නීති රීති අණපනත් සම්බන්ඳයෙන් කටයුතු කරන විට ප්‍රවේශමෙන් කලයුතු බවයි.

"ගෙදර මනුස්සයා ගහනකොට කාන්තාවො පොලීසි යනවා. ඊටපස්සෙ නියෝගයක් ගන්නව ගෙදර මනුස්සයා ගෙදරට එන එක මාස දෙකකට තහනම් කරලා. ඔන්න ඊටපස්සෙ ගෙදර මනුස්සයා ගෙදරට එනවද බලන්න කියල බලන්න සැරින් සැරේ පොලිසියෙන් ගෙදරට එනවා. අන්තිමේදී මාස දෙක ඉවරවෙනකොට අර ගෙදර මනුස්සයාගෙ තැන පොලිස්කාරයා අරගෙන. ඔය වගේ දුරදිග නොබලා නීති දැම්මම වෙන ප්‍රශ්න" යයි ජනාධිපති වරයා ඇමති මණ්ඩලය හිනස්සවමින් පැවසුවා.


දුම් පානය පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ආ යෝජනාව ට ද ජනාධිපති තුමන් පැවසුවේ හාස්‍යය මුසු වූ පිලිතුරක්. ඒ "ගෙවල් ඇතුලේ, කාමර ඇතුලේ දුම් බීවට ඒවා පාලනය කරන්න බෑ. කාමර ඇතුලෙ වෙන දේවල් පාලනය කරන්නෙ කොහොමද" ලෙසයි. එයටද සියළු දෙනා මහ හඬින් සිනාසුනා.

මේ අතර ජාතික පාසල් වලින් ජාතික පාසල් වලට ඇතුලත් වූ සිසුන් ඒවායින් ඉවත් කිරීම පිළිබඳව බන්දුල ගුනවර්දන මහතා ගෙන ආ යෝජනාවට ජනාධිපති තුමන් සහ ඇමති මණ්ඩලය විරුද්ධ උනා.

"ඉස්කෝල වලින් ළමයි අස් කරන්න එපා. නැති ප්‍රශ්ණ ඇතිකරගන්න එපා" යනුවෙනුයි ජනාධිපති තුමා උපදෙස් දුන්නේ.

ද්විත්ව පුරවැසිභාවය සඳහා වූ යෝජනාව මෙහිදී සම්මත උනා. 








Source: http://www.gossip9.com/2012/05/blog-post_7934.html#ixzz1vcH9wQBN

Share this article with your friends