Chitika Smowtion 468x60


Tuesday, May 22, 2012

ෆොන්සේකා නිදහස් කර ඇත්තේ ඇමරිකානු බලපෑමට


සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට ජනාධිපතිවරයාට සිදු වූයේ ඇමරිකාවෙන් එල්ල වූ දැඩි බලපෑමෙන් හේතුවෙන් බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු අප වෙත පැවසීය. අඩුම වශයෙන් ෆොන්සේකා නිදහස් නොකරන්නේ නම්, ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය හමුවීමට විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහාතට අවස්ථාවක් නොදෙන බවටත්, එ රටට ඇතුල්වීමට වීසා නොදෙන බවට ඇමරිකානු රජය, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
ෆොන්සේකා මහතා නිදහස් කිරීමට ජනාධිපතිවරයා කඩිමුඩියේ කටයුතු කළේ ඉන් අනතුරුව බවත්, ෆොන්සේකා නිදහස් කිරීමට සහතික වීමෙන් පසුව ජී.එල් පීරිස් අමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විසා ලැබුණු බවත් එම අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇමරිකානු රජයේ බලපෑමට අවනතව ෆොන්සේකා මහතා නිදහස් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළද, ඔහුට නිදහස ලබා දුන්නේ, අනාගතයේදී ඔහුගෙන් එල්ල විය හැකි දේශපාලන අභියෝගය සැලකිල්ලට ගෙන, එම අනතුර නීතිමය වශයෙන් වළක්වාලමින් බවද හෙතෙම සඳහන් කළේය.
මෙම තත්ත්වය යටතේ ජනාධිපතිවරයා, ෆොන්සේකා මහතා ලවා ඔහු විසින් ගොනුකර තිබූ අභියාචනා සියල්ල ඉල්ලා අස්කරගනු ලැබීය.
එහෙත්, ජනාධිපතිවරණ සමයේදී නීත්‍යානුකූල නොවන අයුරින් හමුදාව හැර ගියේ සෙබළුන් දහදෙනකු රඳවාගෙන සිටි බවට චෝදනා කොට ෆොන්සේකා මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව රජය විසින් ඉල්ලා අස්කරගෙන නොමැත. ෆොන්සේකා මහතාට ඉදිරියේ සීමාව ඉක්මවා කටයුතු කළහොත් එම නඩුව හරහා ෆොන්සේකා මහතා යළි සිරකිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන් සිටින බව අප වෙත තොරතුරු දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Source - lankanewsweb.com

Share this article with your friends