Chitika Smowtion 468x60


Wednesday, May 23, 2012

නන්දා මාලිනියට අපහාස කළ දේශද්‍රෝහියා කුවේට් තානාපතිමයි - දඬුවමට ලක් වූ ඉන්දික වීරසූරිය හෙළිකරයි


පසුගිය ඉරිදා ජාතික පුවත්පතක පළ වූ ආකාරයට කුවේට් තානාපති සී. ඒ. එච්. එම්. විජේරත්න මහතා නම හෙළි නොකරමින් කියා සිටියේ කුරුණෑගල ප‍්‍රදේශයේ පුද්ගලයෙක් මෙම දේශද්‍රෝහී කි‍්‍රයාවට හවුල් වී ඇති බව හෙළිවූයෙන් ඔහු වහාම ලංකාවට එවීමට කටයුතු කළ බවය.

කෙසේ වුවද අප කළ විමසීමක දී හෙළිකරගත් අයුරින් ඉංග‍්‍රීසි ගුරුවරයෙක් වන මොහු නමින් ඉන්දික වීරසූරිය නමැත්තෙකි. ඒ අනුව මෙම සිද්ධිය පිළිබඳව ඔහු ද ඉරිදා ජාතික පුවත්පතකට කරුණු හෙළිකර තිබුණා.

මෙම සිදුවීම් මාලාව පිළිබඳව දීර්ඝ ලෙස කරුණු හෙළිකර ඇති ඔහු සපථ කරසිටින්නේ මේ සිදුවීම පිටුපස සිටින්නේ දූෂිත අයුරින් වැඩ කටයුතු කරන මේ තාතාපතිතුමා ම බවයි.

ඉන්දික වීරසූරිය නම් මෙම සිද්ධියට චූදිතයා වූ තැනැත්තා තානාපති කාර්යාලයේ හොඳම සේවකයෙකු බවට මීට පෙර සිටි තානාපතිවරයාගෙන් සහතික ලැබූ තැනැත්තෙක් වන අතර නව තානාපතිවරයා ද මොහුට සේවා ඇගයීම් සහතිකයක් නිකුත් කර ඇත.

එය එසේ වුවද තානාපති සී. ඒ. එච්. එම්. විජේරත්න මහතාම පසුගිය දා මාධ්‍යයට හෙළිකර තිබුණේ මොහු පෙර වැරදි රැක් තිබූ පුද්ගලයෙක් බවය. වැඩිදුරටත් එතුමා කියා තිබුණේ අභ්‍යන්තරව සිදුකරන ලද පරීක්ෂණයකින් පසුව මෙම තැනැත්තා කව්රුන්දැයි හෙළිකරගත් බවයි. 


තානාපතිවරයාගේ ප‍්‍රකාශය එසේ වුවද ඉන්දික වීරසූරියට අනුව මෙම සිදුවීම පිළිබඳව තානාපති කාර්යාලය තුළ කිසිදු පරීක්ෂණයක් සිදු වී නැති අතර මේ පිළිබඳ ව කිසිදු චෝදනා පත‍්‍රයක් ඔහුට ලබාදී නැත.

ඔහුගේ විදේශ සේවයේ කාලය සම්පූර්ණ වීමට පෙර ලංකාවට යවන්නේ කුමකට දැයි ලිඛිතව ඔහු විමසා ඇති අතර එවිට තානාපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ "කොළඹින් රීකෝල් කර ඇති බවත් ඒ පිළිබඳව තමාට කිසිවක් කරන්නට නොමැති බවත්ය."

එසේම නන්දා මාලිනිය ඇතුළු පිරිසේ සංචාරයට අදාළ තොරතුරු (පාස්පෝට් අංක* සියල්ල තිබී ඇත්තේ තානාපතිවරයා හා මෙම සංගීත ප‍්‍රසංගය සංවිධානය කළ අයේෂා හා සුමිත් යන මහත්ම මහත්මීන් පමණක් අත බැවින් එම තොරතුරු හෙළිවුයේ කෙසේ දැයි ප‍්‍රබල ප‍්‍රශ්නයක් නොවේ දැයි ඔහු විමසයි.

මෙම පරස්පරතාවයන්ගෙන් හෙළිවන්නේ කුමක් දැයි තවමත් ප‍්‍රශ්නයකි. මෙය පදනම් විරහිත චෝදනාවක් ද ? පෞද්ගලික පළිගැනීමක් ද යන්න වහා සොයා බැලිය යුත්තකි.

ඉන්දික වීරසූරිය සඳහන් කරන අන්දමට නව තානාපතිවරයාගේ කටයුතු තානාපතිවරයෙකුට සුදුසු වන අන්දමේ ක‍්‍රියාදාමයන් නොවන බව ද තානාපතිවරයා ගොස් ඇත්තේ "බිස්නස් ටුවර්" එකක් බව ද අනාවරණය කර සිටියි.

ඉන්දික වීරසූරියගේ හෙළිදරව් වලට අනුව තානාපතිවරයාගේ දූෂිත කි‍්‍රයාවන් රැසකි. ඒ අතරින් එන්ටර්ටේන්මන්ට් කෝටා යටතේ ලැබෙන විස්කි වෙළඳාම, නිල නිවාසය සඳහා ලැබෙන මුදලින් කොටසක් ලබාගැනීම, හිටපු තානාපතිවරයා සාමාන්‍ය නිවසක සිටිය ද දියුණු රටවල තානාපතිවරු මෙන් මොහු තට්ටු තුනක විශාල සුපිරි නිවාසක් ලබාගෙන ඇති බව ද හෙළිකරයි. තවද ඉන්දිකට අනුව මෙම තානාපතිතුමා දූෂිත නිලධාරීන් ආරක්ෂා කරන තැනැත්තෙකි.

එසේම මෙම තානාපතිවරයා විදේශ සේවයේ යෙදෙමින් ඉතාලියේ හා කැනඩාවේ ගත කල කාලයන් වලදී ද යම් යම් ප‍්‍රශ්න ඇති වී තිබෙන බවට ද කරුණු පැහැදිලි වෙයි. 


කෙසේ වුවද අපේ මව්බිම වෙනුවෙන් අපි විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මේ පරස්පර විරෝධී ප‍්‍රකාශ පිළිබඳ ව නිසි පරීක්ෂණයක් කොට එමගින් නිවැරදි දේශද්‍රෝහීන් කව්රුදැයි හෙළිකරන ලෙස හා ඔවුනට තරාතිරම නොබලා නිසි දඬුවම් ලබාදෙන ලෙසය.

විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ සේවය කරන තානාපතිවරුන්ගේ කි‍්‍රයාවන් මෙසේ නම් ඒ රටවල සේවය කරන අපගේ අහිංසක ජනතාවට කාගේ නම් පිහිටක් ද ? 








Source: http://www.gossip9.com/2012/05/blog-post_5170.html#ixzz1vh7tt0fJ

Share this article with your friends