පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා විසින් ජනාධිපති වරයා සමග සාකච්ඡා කොට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගත් බවට ප්‍රකාශ කළද ඇත්ත වශයෙන්ම සිදු වී තිබෙන්නේ ෆොන්සේකා මහතා මේ වන විට ගත කරමින් සිටි සිර දඬුවම් වල ඉතිරි කාලය ජනාධිපති විසින් අඩු කිරීම පමණක් බව අධිකරණ අමාත්‍යංශ ආරංචි මාර්ග වාර්තා කරයි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරයෙන් නිදහස් වූ අවස්ථාවේ රටේ ජනතාව රතිඥ්ඥා දල්වමින් ප්‍රීති ඝෝෂා කළේ ඔහුගේ නිදහස ලැබීම පිළිබඳ සන්තෝෂය පළකිරීම සඳහා මෙන්ම රාජපක්ෂ රෙජීමය විසින් ඔහුට කරන ලද අසාධාරණය පිළිබඳව විරෝධය පළකිරීමක් ද වශයෙනි.
එහෙත් ජෙනරාල් ෆොන්සේකා මහතා නිදහස් කිරීම පසුපස ඇති සැබෑ තොරතුරු හෙළිදරව් වන්නේ අධිකරණ අමාත්‍යංශයේ ලේකම් කමලිනී ද සිල්වා විසින් බන්ධනාගාර කොමසාරිස් වෙත 2012 මැයි 21 වන දින යොමු කරන ලද අංක එල්/පී/17/11 (02 ) දරන ලිපිය මගිනි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති ආවේනික බලතල පාවිච්චි කරමින් ඔහු විසින් සිදු කර ඇත්තේ කොළඹ මහාධිකරන නඩු අංක 5311/ 2010 හෙවත් සුදු කොඩි නඩුවට අදාලව සහ සාමාන්‍ය යුධාධිකරන නඩු අංක 17.09.2010 යටතේ සිර දඬුවම් විඳින සිරකරු සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා ගේ සිර දඬුවම් වලින් ඉටිරිව තිබෙන ඩඬුවම් කාලය අඩු කිරීමයි.
මෙය සිදු කර ඇත්තේ අධිකරණ අමාත්‍යවරයා විසින් 2012 මයි 15 වන දින ජනාධිපතිවරයාට කරන ලද නිර්දේශයක ප්‍රතිඵලයක් ලෙස බව ලේකම් වරියගේ ලිපිය වැඩිදුරටත් දක්වයි.
මේ අනුව ජෙනරාල් ෆොන්සේකා මහතාට එරෙහිව යුද්ධාධිකරණ දෙක විසින් සහ කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දු තුනම වලංගු ව පවතින අතර සිදුව ඇත්තේ ජනාධිපති ව්සිසින් එම දඬුවම් කාලයෙන් ඉතිරිව ඇති කාල සීමාව අඩු කිරීමේ සමාව ප්‍රදානය කිරීමක් පමණකි.
මෙම සමාව ලබා ගැනීම සඳහා එම නඩු තීන්දු වලට එරෙහිව ෆොන්සේකා මහතා විසින් ඉදිරිපත් කරන ලද අභියාචනාවන්ද ඉල්ලා අස්කර ගැනීමට සිදු වූ නිසා එම තීන්දු සියල්ලම දැන් නීතිමය වශයෙන් වලංගු තීන්දු බවට පත් වේ. මේ නිසා වසර හතක් යනතුරු මැතිවරණයකට ඉදිරිපත් වීමේ හැකියාවක් ෆොන්සේකා මහතාට නොලැබේ.
ජනාධිපතිවරයා විසින් සිදු කල මෙම රැවටීමට එරෙහිව සියලු ප්‍රගතිශීලි බලවේග සටන් වැඩිය යුතුව ඇත. එසේම කිසිම චෝදනාවක් නොමැතිව වසර ගණනාවක් තිස්සේ රදවාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සදහාත්, , චෝදනා සහිත රැදවුම්කරුවන් අධිකාරයට ඉදිරිපත් කිරීම සදහාත් ජනාධිපතිවරයාට බලපෑම් කළයුතුව ඇත.
click here to zoom