ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව පැවැති කුප්රකට ‘සුදු කොඩි’ නඩුවේ ප්රධාන විනිසුරුවරිය ලෙස කටයුතු කළ දැනට අභියාචනාධිකරණයේ විනිශ්චකාරවරියක ලෙස සේවය කරන දීපාලි විජේසුන්දර මහත්මිය පසුගියදා මහාධිකරණ විනිසුරුවරුන් කිහිප පොළක් හමු වූ අවස්ථාවේදී පවසා ඇත්තේ, ‘‘එක එක්කෙනාගේ කීමට නඩු තීන්දු දීමට යාම නිසා තමා සහ තම පවුලේ උදවිය මේ වනවිට ඉමහත් අසීරුතාවයකට මුහුණ දී ඇති බවයි.’’
මහාධිකරණ හා අනෙක් අධිකරණ විනිසුරුවන් හමුවේ හැඬුම්බරව අදහස් දක්වා ඇත් දීපාලි විජේසුන්දර විනිසුරුවරිය තව දුරටත් පවසා ඇත්තේ, ‘‘දැන් ඒගොල්ලො ඒගොල්ලො ෂේප් වෙනවා. සේරම කුණුවලට කර ගහන්න වෙන්නෙ අපිට. කරුණාකරලා මට මේ වෙච්ච දෙයින්වත් ඕගොල්ලො පාඩමක් ඉගෙන ගන්න. අපි අමාරුවෙ වැටුණාම අපිට වෙන කවුරුවත් නැහැ’’ යනුවෙනි.
අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය මෙම තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාට කරන ලද දුක් ගැනවිල්ලක් හේතුවෙන් ඇයට මේ වනවිට අතිරේක පොලිස් ආරක්ෂාවක් සපයා ඇත.
Source - lankanewsweb.com